අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරින්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15,000 ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අද (1) තීරණය කර ඇත.
ඒ සඳහා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරින්ට දැනට ගෙවන රුපියල් 3000, 5000, 10,000 ආදී දීමනා වෙනුවට මෙම රුපියල් 15,000 ක දීමනාව ලබාදෙනු ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින්ගේ වැටුප් හා දීමනා විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම නිලධාරීන් ඉකුත් දා වෘත්තීය ක්‍රියාමාර්ග වලට ද යොමු වුහ.
රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සොයා බැලීම සඳහා පත්කරන ලද ඇමැති අනු කමිටුව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය සමඟ ද සාකච්ඡා කිරිමෙන් අනතුරුව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හප්පා ඉතින්...!!! ඡන්දෙට පුදුම වැඩ ගොඩක්නේ.. අවුරුදු 5ක් නෙමේ 2න් 2ට ඡන්ද තියෙනවා නම් හොදයි වගේ.. එතකොට මොවුන්ට මතක් වෙනවනේ රටේ තොටේ කළ යුතු වැඩ කටයුතු ටික කරන්න.. මැතිවරණ වියදම ගියත් කමක් නැහැ ජනතාවට සේවාවක් වෙන නිසා..
පරිපාලන සේවයේ මිනිස්සුන්ට විතරටද මේ දීමනාව ගෙවන්නේ? ඉංජිනේරු, ගණකාධිකාරි ආදී සේවාවලට මේ දීමනාව නැතිද?