(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
කරාපිටිය රාජ්‍ය බැංකුවකින් රුපියල් 190000 ක මුදලක් ගෙන නරාවල වෙනත් බැංකුවක තැන්පත් කිරීම සඳහා ගමන් ගත් වයස අවුරුදු 70 ක පමණ කාන්තාවකගේ මුදල් සහිත බෑගය යතුරු පැදියකින් පැමිණ අද (01) පැහැරගෙන ගිය සැකකරුවන් දෙදෙනාගෙන් මුදල් පැහැරගත් ප‍්‍රධාන සැකකරු නරාවල පන්සල් වත්තේ කැලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ සැකකරු සන්තකයේ තිබී පැහැරගත් මුදලින් රුපියල් 185650 ක් තිබී පොලිසිය භාරයට ගත් බවයි.
සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඉතිරි මුදල හෙරොයින් පානය සඳහා වියදම් කළ බවයි.
අක්මීමණ පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සෙසු සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිසිය කියයි.
24 හැවිරිදි සැකකරු නරාවල බාස්වත්තේ පදිංචිකරුවෙකු බවද පොලිසිය කියයි.
සැකකරු සහ පොලිසිය සොයාගන්නා ලද පැහැරගත් මුදල් ප‍්‍රමාණය ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අක්මීමණ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් පව්කාරයන්. සත්ගුණවත් කුඩු මුදලාලිලාට සහ ඒ ඒ සත්ගුණවත් පවුල්වලට කුඩු දේශපාලුවන්ට මෙලොවදීම අපායේ සියලු සැපසම්පත් ලැබේවා !!!
බැංකුවකින් තවත් බැංකුවකට මුදල් නෝට්ටු වශයෙන් මාරු නොකර ලිකිතව ඒ දේ කල හැකිව තිබියදී තම බැංකු ගනුදෙනුකරුවන්ව දැනුවත් නොකිරීම එම ආයතනවල දුර්වලකමක්.
මේ වගේ පවුකාරයන්ට ඒ වෙලාවේම වෙඩි තියලා මරන්න ඕන.