මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (1) පැවැත්විණි.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරු ගාන්ධිතුමා සිහිකරමින් පුෂ්පෝහාර දැක්වූහ.
මහත්මා ගාන්ධිතුමා සහ ශ්‍රී ලංකාව අතර අතිශය සමීප සබඳතාවක් තිබූ බවද, 1927 වසරේදී හෙතෙම ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් පසු එය වඩාත් පැහැදිලි වූ බව ද කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
සෑම වසරකදීම ශ්‍රී ලංකාවේදී ‘ගාන්ධි ජයන්තිය’ සැමරීම, මහත්මා ගාන්ධිතුමාගේ ජන්ම දිනය සැමරීමක් මෙන්ම ඔහු සහ ශ්‍රී ලංකාව අතර පැවැති සබඳතාව සැමරීමක් ද වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා නැවත ජනාධිපති වුණොත් (සිහිනයක් පමණයි ) දෙමව්පියන්ගේ ගුණ සිහිකරන්න ඉන්දියාවට යයි වගේ හරි ආදරණීය පුත්තු...