ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර, කලුතර, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත්‍රික්ක සදහා නායයෑම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඊයේ(01) පස්වරු 9.00 සිට අද(02 ) පෙරවරු 9.00 දක්වා මෙම අවදානම බලපැවැත්වෙන බවද එහි දැක්වේ.
- රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර, කිරිඇල්ල, පැල්මඩුල්ල, බලන්ගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල, ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද,
- කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, වල්ලාවිට, පාලින්දනුවර, දොඩංගොඩ, ඉංගිරිය, මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද,
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, මාවතගම, රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසද,
- කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, තුම්මෝදර යන ප්‍රදේශද නායයෑමේ අවදානම සහිත ප්‍රදේශ බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
නායයාමේ ලක්ෂණ දක්නට ලැබේ නම් එම ප්‍රදේශවලින් ඉවත්වන්නැයිද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
(16844)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd