(රංජන් කස්තුරි)
දුම්රිය සේවකයින්ගේ ඉල්ලීම් ඉතා අසාධාරණ හා දේශපාලනික ඒවා වන බැවින් ඊට විසඳුමක් දිය නොහැකි යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද(03) පැවසීය.
දුම්රිය සේවකයින්ගේ වැටුප් ගැටලුව විසඳා අවසන් බවද, ඔවුන් තවදුරටත් වර්ජනයේ යෙදෙන්නේ පොහොට්ටුවේ අවශ්‍යතාව මත බවද කොළඹ මුදල් අමාත්‍යංශයේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මංගල සමරවීර මහතා කීය.
එම ප්රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.
“ජනාධිපතිතුමා වැටුප් කොමිසමක් පත්කළා. ඒ කොමිසමට අනුව මුළු රාජ්‍ය සේවයේම වැටුප් විෂමතා ඉවත් කළා. ගැටලුව විසඳා අවසන්. ඒත් මේ අය දේශපාලනඥයින් කියන නිසා වර්ජනය දිගටම කරනවා” යැයිද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩ වර්ජනය කරන අය ඔක්කොම අයින් කරලා අලුත් අයට රස්සාවල් දුන්නා නම් ආයෙමත් අවම වැටුපෙන් පටන් ගන්න පුලුවන්. එතකොට රටට සල්ලි ගොඩාක් ඉතුරු කර ගන්නත් පුලුවන්. කොහෙද අපේ රටේ ඉන්න පාලකයින්ට කොන්ද පණ නෑ.. පෞද්ගලික අංශයේ කරන්න කියන්නකෝ බලන්න. මේ අය හැමදාම අහිංසක මිනිස්සු බිල්ලට දීලා වැඩ වර්ජන කරනවා...
දෙන්නම එපා ඔය විදියට කෙලින් කතා කරන්න. හෙට අනිද්දා ඒ අයගේ බිරින්දෑවරු ගහලා එළවනවා වැඩට...
ඒකට අපිත් එකඟයි. සත 5 වැඩි කරන්න එපා.
ඉතා හොද තීරණයක්. ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවනම්...
මේ වැඩ වර්ජන සහෝදර සමාගම කරන වැඩ තමයි.
හා ඕනෑමනම් අර ඩියුටි ෆ්‍රී කාර් ටිකත් අරගෙනම පඩිය වැඩි කරලා දෙන්නකෝ.
දේශපාලන වුවමනාවලට වැඩ වර්ජනය කරන අය කෙලින්ම ගෙදර යවන්න. විශ්‍රාමික නිලධාරින් වහාම ගෙන්වන්න. අලුත් අය පුහුණු කරලා රස්සා දෙන්න. ඉල්ලීම් දෙන්න එපා
මංගල හරි. ඔය දුම්රිය සේවකයෝ විශාල වැටුපක් හා දීමනාවක් දැනටමත් ලබනවා.ඔවුන්ට තවත් වැටුප් වැඩිවීම් ඕනනම් දුම්රිය සේවය ලාබ ලබන ආයතනයක් කොට පෙන්වන ලෙස කොන්දේසියක් පැනවිය යුතුය.
මංගලට තියෙන්නේ කුරුඳුපොලු හමුදාව ගෙන්නනේ. මතක නැද්ද මාතරදී යුඑන්පී කොල්ලෝ කෙල්ලන්ටම දුන්න රස්සාවල් ඉල්ලුවා කියලා.