(මුදිතා දයානන්ද )
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සිදුවන මහා විනාශය වළක්වා ගැනීමට අඛණ්ඩව නායකත්වය දෙමින් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පවා ජනාධිපති ලෙස අත්සන් තැබුවත් දේශපාලන භේදයකින් තොරව වගකිව යුතු පිරිස් ඊට එරෙහිව නැගී සිටීම හේතුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකි වුණා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (04) පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නයිට් නාමයෙන් පිදුම් ලැබු විශේෂඥ වෛද්‍ය සරත් මැල්කම් සමරගේ මහතාට වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයේදි පැවති උපහාර උත්සවයට සහභාගී වෙමිනි.
එහිදි තවදුරටත් මෙසේද පැවසීය.
ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා මා ආරම්භ කළ වැඩසටහන් සාර්ථක කැරගැනීමටද ඔහුගෙන් විශාව පිටුවහලක් මගපෙන්විමක් ලැබුණා. මා ජනාධිපතිවරයා ලෙස මත්ද්‍රව්‍ය උවදුරෙන් මේ රටට සිදුවන විනාශය දැක එය රටෙන් තුරන් කිරිමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. කවුරුන් කෙසේ කීවද අප්‍රෙල් 21 පාස්කු දින ප්‍රහාරය පිටුපස තිබෙන්නේ මක්ද්රව්යවලට එරෙහිවිමක් යැයි මම විස්වාස කරනවා.
අපි පහුගිය අප්‍රෙල් මාසේදී බක්මහ දිවුරුම ලබාදෙමින් ප්‍රතිඥා දුන්නා මත් උවදුර පිටුදකින බවට. අපි ඒ දිව්රුම දුන්නා සේම කාගෙන් විරෝධතා එල්ල වුණත් මත් උවදුරෙන් තරුණ පරපුර විනාශ වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුයි. මොන බාධක ආවත් මතට එරෙහිව අප ගෙන ගිය ව්‍යාපාරය ජයග්‍රහණ රැසක් අත්පත් කරගත්තා.



(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් අහ අහ ඉන්න දෙයක්ද?එක පෑන් පාරින් කරන්න පුලුවන් දෙයක්. එල්ලන්න එක ස්ත්‍රී හෝ ළමා දූෂකයෙක්. සමහරවිට ඒකම ඇති ඔබට ජනාධිපති වෙන්න යලිත්.
මරණ භයෙන් කෑගහනවා..........
ඔබතුමා කීප වතාවක්ම මහා හයියෙන් රටටම ඇහෙන්න කිව්වා නේද? "එල්ලන්න නියමිත මිනිස්සුන්ගේ නම් ලැයිස්තුව දින වකවානු ඇතුව අත්සන් කළා" කියලා? කෝ එතකොට එ්කත් හරියට අර " රාත්‍රී 12ට කටුනායක ගේට්ටුවලට ඉබ්බෝ දාලා හොරු රටෙන් පිටවෙන එක නවත්වනවා.. අවීචි මහා නරකාදියට හරි ගිහිල්ලා හොරුන් අල්ලලා දඬුවම් දෙනවා. වෙන පක්ෂයක් හදලා බලමුකෝ..!!! මම දන්නවා කරන වැඩේ, මැරුණත් රනිල්ට නම් අගමැති කම දෙන්නේ නෑමයි" වගේ අපබ්‍රංස කතාද අපේ මහත්තයෝ?
මෝය කට කපා දැම්මා වාගෙම අාපහු වැසීමේ කටයුතු දැනටමත් සූදානම් කර තිබේද?
කයිය විතරයි... වැඩ නැත...
මහා බොරුකාරයෙක්. මේ මිනිහා මේ අවුරුදු 5ට කරපු එක දෙයක් කව්රුහරි කියන්න.
රටේ මත් උවදුරට හඬ නැගීම හා එරෙහි වීම ක්‍රියා කිරීම අපි හැමෝගෙම යුතුකමක්. විශේෂයෙන් පොලිසියේ, STF, නාවික එකේ ඉන්න රටට හිතැති බහුතරයකගේ සහය අනිවාර්යයෙන් අවශ්‍යයි. මතට ගොදුරු වූ දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිත විනාශ වී ඇති ආකාරය හොයලා බැලුවොත් හරිම කණගාටුදායකයි සහ එය නොවිය යුත්තක්. ඔවුන් දෙස වැරදි ඇසින් බැලීම නතර කල යුතුය. සුළුතර මත් වෙළෙන්දන්ගේ සුඛ විහරණය වෙනුවෙන් රටේ බහුතර තරුණ/තරුණියන් පිරිසකගේ ජීවිත විනාශ වීමට ඉඩදීම රට වැසියන් විදියට අපිට /දේශපාලකයින් විදියට දේශපාලකයින් හැකිද ?
මෙහෙම ජනාධිපති කෙනෙක්... රටේ කරුමෙට අපේ කරුමෙට පහළ වුණා. ඉක්මණට ගෙදර යවමු. එතකොට පින්තූරෙවත් නොදැක ඉන්න පුළුවන්... එ්කත් සැපක්..!!!
එතුමා ගොඩක් දේවල් කරා. එයා රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරේ එතුමා නේද ඔබට අමතක වුනාට.
ජනාධිපතිතුමනි..ඔබතුමා කොහොම කීවත් ඔබගේ කොන්දේ ශක්තිය පිලිබඳ ප්‍රශ්නයක් නැහැයි කියලානම් කියන්න එපා.ඔබතුමා මරණ දණ්ඩනය දීමට අවශ්‍ය ලියවිලිවලට අත්සන් කළා.ඔබයි රටේ ලොක්කා.නමුත්? කෝ....? කියක්ව එල්ලුවද...? ලැජ්ජයි.මම ඔබතුමානම් ...බන්ධනාගාර කොමසාරිස්ට කියනවා ." හෙට උදේ මුන් ටික එල්ලන්න ලැහැස්තිකරන්න "කියලා.අලුගොසුවාට කියනවා " පුතේ හෙට උඹට ලොකු බිල්ලක් දෙන්න තියෙනවා.ඒ නිසා අද වෙරිවෙනකම් බොන්න එපා.හෙට බිල්ල දුන්නට පස්සේ මම උඹට හොඳ බෝතල් දෙකක්ම දෙන්නම් "කියලා. කුඩ්ඩෝ ඔක්කොමව එක දවසේ පෝලිමට එල්ලලා දානවා.
කොතරම් බලතල තිබුණත් රටත්, ජනතාවටත් සෙතක් වෙන තීන්දුවක් රටේ ජනපති හැටියට ඔබට ගන්න බැරිවුණා. එක එක මත දරන්නන් සිටියත් රට ගැන සලකා තීරණය ගන්න බැරි වීම ඔබගේ දුර්වලකමක්... රටේ ජනතාව හැටියට අපට ලැජ්ජාවක් දැනෙනවා ඔබ ගැන..