(රංජන් කස්තුරි)
“රටේ ආර්ථිකය කාබාසිනියා කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපේ රජය ආර්ථිකය විනයානුකූලව ඉදිරියට ගත්තා. බලයට පත්වීමේ කෑදරකමින් ඔවුන් දැන් ආර්ථිකය ගැන බොරු ප්‍රචාර කරනවා” යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද(03) පැවති ප්රවෘත්ති සාකච්ඡාකදී පැවසීය.
“අපේ රජය ගත් ණයවලින් වැඩිම කොටසක් වැය කළේ රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය ගෙවීමට” යැයිද එහිදී මංගල සමරවීර මහතා කීවේය.
“එදා ආර්ථිකයත් අද තත්වය ගැනත් විවෘතව සංවාදයකට එන්නැයි මම මහින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයාට ආරාධනා කරනවා” යැයිද එහිදී මුදල් ඇමතිවරයා පැවසීය.
එදා රාජපක්ෂ ආණ්ඩුව අධික පොලියට ණය අරගෙන ඒවා හිතවතුන්ගේ ව්‍යාපෘති වෙනුවෙන් වැය කර රටේ ආර්ථිකය අයි සී යූ එකට ඇද දමා තිබූ බවද මේ වනවිට එම රෝගියා සාමාන්‍ය වාට්ටුවට මාරු කර සුව අතට හැරෙමින් සිටින බවද මුදල් ඇමතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නෙක් එක්ක විවාද කරලා වැඩක් නෑ. ඡන්දෙ තියන්න කියන්නකො. අපි උත්තර දෙන්නම්.
මෙයා විහිළු කතා කියනවා
දන්නෝ දනිති මංගල. එතකොට මහ බැංකු වාර්තා බොරුද? 2015 7.2 වලට තිබ්බ ආර්ථික වර්ධන වේගය දැන් 2019 2.7 %
ඔවු ඔවු. තාමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා. බලයට ඇවිල්ලා අවුරුදු පහක් ගිහිල්ලා තාම ඉන්නේ විපක්ෂ මානසිකත්වයේ
ආයෙමත් මහජනතාව රවට්ටන්න මෙයලා බොරු කියනවා.
හැම එකටම රාජපක්ෂ , රාජපක්ෂ . බල තණ්හාව තිබ්බට රටක ආර්ථිකේ කරන්න පුලුවන් ද ? ආර්ථිකෙත් කාලා, සංස්කෘතියත් කාලා, ජාතියත් කාලා තවත් දොඩවනවා. රාගය කියන්නේ පූර්ව අකුසළයක්. පව්කාරයින් රටේ මුල් පුටුවල ඉන්නකොට රටකට කවදාවත් හරියන්නෙ නෑ.බොරුව අනිත් පාපය.
ඔබතුමාත් හොයාගන්න දේවල්.ආණ්ඩුවක් පත්කරලා අවුරුදු ගාණක් ජනතාව බලාගෙන හිටියෙ ඕක දැනගන්න නේද? ඔබතුමා වැනි ඇමතිවරයෙක් ලැබුණු එක ජනතාවගේ වාසනාව. අර ලෝකයේ හොඳම මුදල් ඇමතිත් ඔබතුමාට දෙවෙනි වෙනවා නිසැකයි. වැඩ නොකෙරෙන්න හේතු කියන එක වැඩ කරනවාට වඩා කොච්චර ලේසිද? මිනිස්සුත් වැඩිය කැමති ඒකට. ආර්ථිකය විනාශ කරපු රටේ මහ බැංකුව විතරක් තියලා වැඩක් තියනවද? ඒක නිසා තමයි ඒකත් ඉවර කරල දාන්න ඇත්තේ.
මාතර ගොබෙල්ස් කියන කතාවලට රැවටෙන්න තරම් රටේ ජනතාව මෝඩ නැහැ. ඩොලරය 2015 දී තිබුණේ රුපියල් 132ට, අද කීයද 180ක් විතර වෙලා. ඒ විතරක්ද මේ ආණ්ඩුව ගනිපු මුළු ණය රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු 10ට ගනිපු ණයටත් වඩා වැඩියි. රටේ යුද්ධයක් තිබිලත් එදා රජය මොනතරම් සංවර්ධන වැඩ කළාද? මේ රජය වැඩි ණයකුත් අරගෙන කරපු සංවර්ධන වැඩ මොනවද? ලෝකේ ලොකුම හොරකම් කරලා වාර්තා නම් තිබ්බා. මහබැංකුව කොල්ල කෑවා. රටේ නැවත ත්රස්තවාදයක් හැදුවා. මෙයාට ඕනේ සමරිසි විවාහ නීතිගත කරන්න රට හෙනගැහුවත් කමක් නැහැ...
හරි සන්තෝෂයි...
ඒක මුලු රටම දන්නවනේ.. මහ බැංකුව මහ දවල් කොල්ලකාලා ආර්ථිකය කාබාසිනියා කලේ රාජපක්ෂලා තමයි.
මෙන්න හීනෙන් නැගිටපු කෙනෙක්? 1947 ඉඳන් රට පාලනය කලේ ඔයගොල්ලෝ දෙපැත්තට බෙදිලා. කඩ කලා.. ගෙවල් ගිනි තියලා 30 අවුරුදු යුද්ධයක් ඇතිකළේ ඔයගොල්ලෝ. තමන්ට ආණ්ඩුව ගෙනියන්න රටේ අදායම පරදුවට තියලා ප්‍රකෝටිගණන් සැලසුමක් නැති ණයගත්තේ ඒ ගොල්ලෝ. අන්තිමේ කමිටු, සම්මන්ත්රණ, අපරාධ පරීක්ෂණ, කියකියා අවුරුදු හතරහමාරක් බුදියගෙන උන්නේ ඔයගොල්ලෝ, රටේ හැමෝටම එකම බදු නීතියක් කියන එක වෙනස් කරලා ඇමතිවරු මන්ත්‍රීවරු, සහ තම බලය පවත්වා ගැනීමට අවශ්‍ය වෙන උදවියටත්, තමන්ට කරදරයක් වෙයි කියලා හිතෙන උදවියටත් තීරුබදු සහන ලබාදෙමින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සෑම පුරවැසියෙකුටම එකසේ ක්‍රියාත්මක වියයුතු නීතිය අවභාවිතා කලේ ඔය දෙගොල්ලොම. රටේ ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයකු නම් කිරීමට අපට තිබූ අයිතිය නැති කරලා පක්ෂ නායකයින්ට වැටුපට සේවය කරන පුද්ගලයෙකුට අපි ලව්වා කතිරේ ගස්සා ගැනීමේ ක්‍රමය ඇතිකළේ ඔය දෙගොල්ලොම එකතු වෙලා. තව කියන්න එමටයි. අපි හීනෙන් නැගිටලත් නැහැ.. අන්තට්ටු දාගෙනත් නැහැ. වෙන එකක් තියා නාගනන්ද මහත්මයා රටේ විකල්පයක් අපේක්ෂාකරන ජනතාවට දෙන්න ගිය නායකත්වය මැදට වෙනත් කණ්ඩායමක් බිහිකරලා නාගනන්ද සහ එම ජනතාව අතරමන් කලෙත් ඔයගොල්ලන්...
ඇත්ත නැත්නම් අද අපේ රට හැම අතින්ම ස්වයංපෝෂිතයිනේ.
මංගල දැන්වත් ඔය පිස්සු කෙලින එක නවත්තන්න. මනුස්සයෝ... ඔහෙලට ඡන්දෙ දීලා අපිත් ඒ කාලකන්නි අවුරුදු කීපයේ සාපයට අහුවුණා. මිනිස්සු හෙන ඉල්ලන්නේ අපට ඔහෙලට ඡන්දෙ දීලා කරගත්ත විපාකයට. මෙන්න වැන්දා දැන්වත් තොලොංචි වෙලා යනවලා...
ඒ කතාව ඇත්ත. හැබැයි මුන්නැහෙලා ඉතුරු ටිකත් හූරලා දැම්මා...
රට බයිලා ගැහුවට ආයෙත් මිනිස්සුන්ව අන්දන්න ඔබලාට ලැබෙන්නේ නැහැ. එකම තැටිය එකම විදිහට අහලා අහලා අප්‍රසන්න වෙලා තියෙන්නේ. කරුණාකරලා මිනිස්සුන්ට පාඩුවේ නිදහසේ තමන්ගේ අපේක්ෂකයා තෝරාගන්න දෙන්න. මේ වෙනකොට මම හිතනවා 2014දී උන්නට වැඩිය බුද්ධිමත් මිනිස්සු පිරිසක් ඉන්නවා කියන එක. ඒ මිනිස්සුන්ට 2014 ඉඳන් 2019 වෙනකන් වෙච්චි දේවල් අමතක වෙන්න තරම් ඒ මිනිස්සු මතකයෙන් පිරිහිලා නැහැ. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය වෙලාවේ ඔබලාගේ කට්ටිය කරපු කියපු දේවල් අමතක වුණා කියලා හිතුවද? යන්න මහත්තයෝ යන්න...
මරු කතාව
මේ අය හොඳ නැති නිසානේ " නුඹලාට මිනිසුන් බලය දුන්නේ... දැන් "හොඳට කළාද"? කටවල් ඇරලා කියන්න ඇත්ත... මේ අපේ මුදල් ඇමති නේද? බැන බැන ඉන්නේ නැතිව කන බත්පතටවත් කළගුණ සලකනවද?
62 ලක්ෂයක් ඡන්දය දුන්නේ ආර්ථිකය කාබාසිනියා කළ අය අත්අඩංගුවට ගෙන ගසා කාපු මුදල් නැවත ලබාගන්නවා කියපු මැතිවරණ පොරොන්දුවටයි. එහෙම නැතිව වාද කර කර ඉන්න නොවෙයි.. නමුත් මොනවද කලේ? කලේ හොරුන් ටික ආරක්ෂා කරපු එකයි.
නටන්න බැරි කෙනාට පොලොව ඇදයි
ලේකම් හරහා අමාත්‍යංශ පාලනය කලාට වෙන්නේ මොනවද කියල යන්තම් හෝ දැනීමක් නැති බවයි පෙනෙන්නේ
පළමුවෙන්ම ඇත්ත කතා නොකරන මේ වගේ මුදල් ඇමති කෙනෙක් සිටීමම අපේ අවාසනාවක් .
Chanak los angelesගෙ කතාවනම් ඇත්තයි. 62 ලක්ෂයක් ඡන්දය දුන්නේ ආර්ථිකය කාබාසිනියා කළ අය අත්අඩංගුවට ගෙන ගසා කාපු මුදල් නැවත ලබාගන්නවා කියපු මැතිවරණ පොරොන්දුවටයි. එහෙම නැතිව වාද කර කර ඉන්න නොවෙයි.. නමුත් මොනවද කලේ? කලේ හොරුන් ටික ආරක්ෂා කරපු එකයි. ඊටත් වඩා මොකුත්ම නොකර මේ අය හොරකම් කලා.
ඇත්ත ඇත්ත සර්
රටේ ආර්ථිකය එදා කොමිස් ගහල රට ලෝකෙටම නය උගුලක හිර කළා..... අද වැඩ වර්ජන කරවනවා එක අපි කොටුවේදී වතුර වීදුරුව පොවද්දී දැක්කා ඔවු රට කාබාසිනියා කරන්නේ රාජපක්ෂ ලා .
ඊට පස්සේ ඔක්කොම රටම කාබාසිනියා කළා.
එදත් රට කෑවා. අදත්, අනාගතේදීත් රට කන්න දඟලනවා. එ්ක රටම දන්නවා.. ඔබතුමා හරි.
ගරු ඇමතිතුමනි, ඔබතුමා නිවැරදියි... එදත් රට කෑවා, අදත් රට කනවා අපි කොටුවේදී දුටුවා.. අනාගතේදීත් රට කන්න දඟලනවා රාජපක්ෂලා... එ්ක රටම දන්නවා ඔබතුමා හරි...