පොලිස් කොමිසමේ ලේකම්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි
වැඩ තහනමකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක , නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට මාසිකව අර්ධ වැටුපක් ගෙවන ලෙස කරන ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලබන පෙබරවාරි 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නොතීසි නිකුත් කරන ලදී.