(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පැමිණිල්ලක් කිරීමට පැමිණි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා දුරකතනයෙන් යෝජනා කළ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයෙකු වැඩ තහනමට ලක්කළ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
මෙලෙස වැඩ තහනමට ලක් කරනු ලැබුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මුහුණ පොත ඔස්සේ හඳුනා ගත් තරුණයෙකුට රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දීමෙන් පසු එම තරුණයා මග හරින බව පවසමින් මහරගම තරුණියක එම ඒකකය භාර ස්නාධිපතිවරයාට පවසා පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.
එකි පැමිණිල්ල වාසි දායක අයුරින් විසඳා දෙන බව පවසා මෙම ස්ථානාධිපතිවරයා එම තරුණියට නොයෙක් යෝජනා කරමින් නිතර නිතර දුරකතන ඇමතුම් ලබාදීම හේතුවෙන් ඒ පිළිබඳව උසස් පොලිස් නිලධාරියෙකුට කරන ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරීවරයෙකු කරන ලද විමර්ශනයකින් අනතුරුව වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම පෙරේතයෝ...........මේ රටෙනම් නැවත ඉපදෙන්න එපා .
මේ රට හදන්න නම් ඔක්කෝටම කලින් පිරිසිදු අවංක පොලීසියක් හදන්න වෙනවා. නැත්නම් ඔය කොච්චර නීති දැම්මත් වැඩක් නැහැ.
ලිංගික අල්ලස් ඉල්ලීම බරපතල වරදකි. එමෙන්ම මුහුණ පොත ඔස්සේ පමණක් හඳුනා ගත් තරුණයෙකුට රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දීම බරපතල ගොන් කමකි.
මාර මෝඩයෙක්නේ.....
දෙවෙනි අවස්ථාවේදී යන්තම් මොලේ පෑදිලා.....
ඉතාම අවාසනාව තමයි අපේ තරුණ පෙළ මුහුණු පොත භාවිත කරන්නේ ගසා කන්නන් විසින් සංවිධානය කෙරෙන සාජ්ජ සඳහා එක් රැස්වෙන්න නැත්නම් බොළඳ රැවටිලි වැඩට. අපේ මුහුණු පොත් සටහන් පිරිලා තියෙන්නේ දේශපාලුවන්ගේ විකාර දැන්වීම්වලින් සහ වෙළඳ දැන්වීම් වලින් නෙමෙයිද? හොඳ වැඩ සටහනක්, වැරදි විදිහට යොදා ගැනෙන. සකර්බර්ග්ම කියල තිබුනා එයා කණගාටුවෙනවා කියල මුහුණු පොත හැදීම ගැන.
පොලීසියට කාන්තාවක් ගියොත් ඕක වෙනවා අනිවාර්යයි.