(බිඟුන් මේනක ගමගේ) 


ඇතැම් ලියාපදිංචි දේශපාලන පක්ෂ වසර ගණනකින් සිය වාර්ෂික ගිණුම් ප්‍රකාශ මැතිවරණ කොමිසමට බාර දී නැතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


ලියාපදිංචි වුවද ක්‍රියාකාරී නොවන දේශපාලන පක්ෂවලින් මෙම ප්‍රවනතාව මතුව ඇති බවත් මැතිවරණ කොමිසම දේශපාලන නිදහස සම්බන්ධයෙන් අනුගමනය කරන නම්‍යශීලි ප්‍රතිපත්තිය ඔවුන් වැරදියට පාවිච්චි කිරීම මීට හේතුව වී ඇති බවත් කොමිසම හා දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවකදී කතාබහට ලක්ව තිබේ.


ඒ අනුව ඉදිරියේදී එවැනි පක්ෂ සම්බන්ධයෙන් දැඩි තීන්දු ගැනීම ගැන මැතිවරණ කොමිසමේ නිලධාරින් සාකච්ඡා කර තිබේ.


දේශපාලන පක්ෂවල වාර්ෂික ගිණුම් වාර්තා මැතිවරණ කොමිසම් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරිමට මැතිවරණ කොමිසම මීට පෙර තීරණය කළ අතර තොරතුරු දැනගැනිමේ පනත යටතේ ඊට අදාළ පුරවැසි ඉල්ලිම් දිනෙන් දින ඉහළ යන බැවින් එම තීරණය ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.


මේ වනවිට මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 70 ක් ඇත.