IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ජනාධිපති කාර්යාලයේ තිදෙනකුට එරෙහිව විමර්ශනයක් ඕනා

(+++ සුජිත් හේවාජුලිගේ)


පසුගිය ජනාධිපතිවරණ සමයේ දී රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරන ලදැයි කියන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් තිදෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.

මේ නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වා ඒ පිළිබඳ විස්තර වාර්තා ද ජනාධිපති ලේකම්වරයාට බාරදී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට ඊයේ පැවැසීය.

රාජ්‍ය දේපළ අවභාවිත කරන ලදැයි කියන සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් මේ නිලධාරින් තිදෙනාට විරුද්ධව චෝදනා එල්ල වී තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අතර ජනාධිපතිවරණ සමයේ දී රාජ්‍ය දේපළ අවභාවිත කරන ලදැයි කියන ආයතන කිහිපයක නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ඒ ආයතන ප්‍රධානීන්ට මෙයට පෙරද දැනුම් දී තිබිණ. මේ අනුව සමෘද්ධි අධිකාරිය පමණක් ඊට අදාළ විස්තර වාර්තා මැතිවරණ කොමිසමෙන් දැනටමත් ලබාගෙන තිබෙන බව එහි නිලධාරීහු කියති.

රාජ්‍ය ආයතනවල මෙවැනි චෝදනා එල්ලවන අවස්ථාවලදී මැතිවරණ කොමිසමට කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නැයි අදාළ ආයතන ප්‍රධානීන්ට දැනුම් දීම පමණකැයි පැවැසේ.



අදහස් (6)

ජනාධිපති කාර්යාලයේ තිදෙනකුට එරෙහිව විමර්ශනයක් ඕනා

ලුම්බිණි Tuesday, 10 December 2019 06:59 AM

බලමු ජනාධිපතිතුමා මොකද කරන්නේ කියලා.

:       1       28

Mahee Tuesday, 10 December 2019 07:41 AM

19 කැලේට විසිකළහම ඔය ටිකත් නවතී. ඒකත් එක්කම රජයේ සේවකයෝ මොනවා කළත් ඒවා සද්භාවයෙන් හින්දා ඔවුන් නිදහස් බව කියන පනතත් සම්මත කර ගත්තාහම නෝ කතා නෝ සිනා.

:       547       672

සනත් ඉතාලිය Tuesday, 10 December 2019 08:42 AM

ඔන්න පටන්ගත්තා මඩ බලකාය අදහස් ලියන්න. මෙතන අදහස් ලියන්නන්ගෙන් 99% ක්ම කුලීහේවායෝ.

:       1120       1006

Dil PereraTuesday, 10 December 2019 09:27 AM

සනත්, ඔබ හරියටම හරි. එම මඩ බලකායේ සේනාදිනායක වන්නේ "මහි" තමා.

:       542       303

athuraTuesday, 10 December 2019 12:47 PM

සනත් මහත්මයො ඔබ තුමා ඉන්නේ ඉතාලියේ මම ඉන්නෙ ලංකාවෙ දැන් අපි කොහොමද ඔය කුලී හේවායෝ හදුනා ගන්නෙ.

:       3       14

MaheeTuesday, 10 December 2019 12:20 PM

සනත්, පෙරේරා, සෑම වහලෙක්ම තමන්ගේ ස්වාමියාට එරෙහි බව පෙනෙන කොලයක් සෙලවීමට පවා නිග්‍රහ කරනවා. සියලුම අදහස් ඔවුන්ට පෙනෙන්නේ එක්කෝ වහලුන්ට පක්ෂ නැත්නම් විපක්ෂ හැටියටයි. සත්‍යය දකින්න ඔවුන්ට හැකියාවක්වත්, උවමනාවක්වත් නැහැ, ඔබ දෙදෙනාට මඩ වශයෙන් පෙනෙන්නේ රටේ යහපත වෙනුවෙන් තිබෙන සම්මතයන් දෙකක් විකෘති කිරීම වැරදි බව පෙන්වන්න ලියු දෙයක්. මොනවා කරන්නද, පාට කන්නාඩි ගලවන තාක් ඔහොම තමයි.

:       106       229

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

භාරකරුවන් නොමැති මළ සිරුරු 28ක් මාස දෙකක් තිස්සේ කළුබෝවිල රෝහලේ
2025 මැයි මස 07 40 0

භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර


ප්‍රසන්න රණවීර රිමාන්ඩ්
2025 මැයි මස 07 336 0

කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන


‘නව ගමනකට මුලපුරනවා‘
2025 මැයි මස 07 466 1

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් නව ගමනකට සමගි ජනබලවේගය මුලපුරන බව - විපක්ෂ න


මොනරාගල ප්‍රා.ස. ජය ජාජබට
2025 මැයි මස 07 173 0

මොනරාගල ප්‍රාෙද්ශිය සභාවේ සභිකයින් 20 දෙනාගෙන් සභිකයින් 11 දෙනකු ගේ බලය ජාතික ජනබලවේගය සතු කරගත්තේය.


කුලියාපිටිය නගරසභා වැඩිබලය විපක්ෂයට
2025 මැයි මස 07 673 0

කුලියාපිටිය නගර සභාවේ වැඩිබලය විපක්ෂයට හිමිව තිබේ. මුළු සභික ගණන 16කි. ඉන් ජාතික ජනබලවේගයට හිමිව ඇත්තේ සභිකධූර 6ක් පමණි.


මහව ජය මාලිමාවට
2025 මැයි මස 07 240 0


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 919 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 230 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1286 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site