(රංජන් කස්තුරි)
වරායේ සවිකර තිබෙන ඇති නවීන ස්කෑන් යන්ත්‍ර මගින් මිනිස් සිරුරට අහිතකර බලපෑමක් නැතැයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.
පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් ද වෛද්‍ය මණ්ඩලයක් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ කමිටුවක් අද (10) පෙරවරුවේ වරාය අධිකාරියට ගෙන්වා ඒ බව සනාථ කළ බවද ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා කීය.
එම නිසා එම අතිනවීන ස්කෑන් යන්ත්‍ර පිළිබඳව විශ්වාසය තැබිය හැකි බව බහාලුම් රියදුරන් අවබෝධ කර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද ජයරත්න මහතා පැවසීය.
වරාය අධිකාරියේ අලුතින් ස්කෑන් යන්ත්‍ර හතරක් සවිකර තිබෙන අතර ඒවා හරහා බහාලුම් ගමන් කිරිමේ දී රියදුරන් හා රිය සහායකයින් ද එක්ස් කිරණවලට භාජනය වන බවට චෝදනා කරමින් බහාලුම් රියදුරෝ අද පැය කිහිපයක් වැඩවර්ජනයක නිරතවුහ.
පසුව බලධාරීන් මැදිහත් වී අද දවස පුරාම එම ස්කෑන් යන්ත්‍ර ක්‍රියාවිරහිත කර තැබූ අතර පසුව සාමාන්‍ය පරිදි බහාලුම් ප්‍රවාහන සිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරුරට බලපෑම් නැති වුනාට හොරට පන්නන ඒවාට බලපෑම් තියෙනවනේ.
මට නම් හිතෙන්නේ කාගේ හරි කුඩු එහෙමත් නැතිනම් එතනෝල් තොගයක් වරායෙන් පන්නාගන්න කරපු උප්පරවැට්ටියක්ද කොහෙද
මේක හරිම හතර බීරි කතාවක් ! මේ යන්ත්‍ර විදේශීය රටකින් ආනයනය කරපු ඒවා බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. අපේ ශ්‍රී ලංකාවේ ඒවා නිපදවන්නේ නැති බව කවුරුත් දන්නා කරුණකි. ඕනෑම රටක ඕනෑම යන්ත්‍ර සුත්‍රයක් නිපදවා වෙළඳපොළට දැමීමට පෙර ඒවා අතිමහත් පරීක්ෂණවලට භාජනය කරන බව මේ බේගල් ඇදබාන අය දන්නේ නැද්ද ? දැන් තිබෙන ප්රශ්නය වන්නේ, වරායේ නවීන ස්කෑන් යන්ත්‍ර සවිකළ දින සිට මේ පිස්සු විකාර කතා පතුරුවන අය විසින් ලෙඩවූ සේවකයන් කීදෙනෙකු දැන හඳුනාගෙන තිබේද? එවැනි "රෝගීන්" කීදෙනෙකුට වරාය වෛද්‍ය මධ්‍යස්ථානය මගින් මේ ස්කෑන් යන්ත්‍ර මගින් මෙම අසනීප ඇති උනාද කියා වෛද්‍ය සහතික නිකුත් කර තිබේද ? ලෙඩේ තිබෙන්නේ එතැන නොවන බව මොළේ කලඳක් හෝ තිබෙන අයෙකුට තේරෙනවා ඇත. ස්කෑන් යන්ත්‍ර මගින් හෙළිවෙන පරීක්ෂණ නිසා රටට ගෙන්වන හොර බඩු, මත්ද්‍රව්‍ය, දුම්වැටි, එතනෝල් ආදී එකී මෙකී නොකී දෑ ගෙන්වන හොරුන්ට එම කටයුතු නිදහසේ කරගෙනයාමට සමහරවිට වැටකොටු බැඳෙන නිසා එම යන්ත්‍ර අක්‍රිය කොට, ගලවා පරණ යකඩවලට විකිනීමට බලාපොරොත්තුව සිටින පංචිකාවත්තේ යකඩයෝත් එක්වී ගහපු මාර ගැටයක් !
කුඩු සහ එතනෝල් වලට සම්බන්ධ දේශපාලකයෝ කීප දෙනෙක් මේ පිටුපස සිටිනවා. ඔවුන්ට ඕනේ කෙසේ හෝ මෙම ස්කෑනර් යන්ත්‍රය ඉවත් කර ඉස්සර සුපුරුදු ජාවාරම අලුතෙන් පටන්ගන්න. ජනාධිපතිතුමනි මොවුන්ව හඳුනා ගන්න.
හොදම වැඩේ ඒ බව ප්‍රායෝගිකව පෙන්නා දෙන එකයි. එවිට බිය නැති වේවි.
යන්ත්‍රය ක්‍රියා විරහිත අවස්ථාවේ එළියට පැන්නූ බහාලුම් ගැන නැවත පරීක්ෂාවක් කරනු..
මේකත් හොරුන්ගේ ගේමක්. මාෆියාවේ කොටසක්. පහුගිය දවසක එක්කෙනෙක් සද්දේ දැම්මා නේද ස්කෑන් යන්ත්‍ර ගැන. ස්කෑන් යන්ත්‍රය තුලට වාහන ඇතුළු කිරීම හා ඉන් පිටවීමට පමණක් රේගුව විසින් ආරක්ෂිත ඇඳුම් ඇදගත්තු නිසි සුදුසුකම් ඇති රියදුරන් කීපදෙනෙක් යෙදෙවුවානම් වැඩේ ගොඩ. එක වැඩමුරයකට රියදුරන් අට දෙනෙකු හෝ දහදෙනෙකු පමණ සැහේ. මාසෙකට හොරබඩු කන්ටේනර් එකක් හෝ දෙකක් අල්ලාගත්තහම හොදටම ඇති අමතර යන වියදම් පියවාගන්න.
ඕක මාස්ටර් ප්ලෑන් එකක් එතනෝල් හොරෙන් එලියට ගන්න.
හොඳ වෙලාවට මේ අය මේක තහවුරු කරේ. දැන් ඉතින් මේක ගලවන්න වෙන්නේ නෑ.
මේ කාලය තුල හොර බඩු ටික පන්නගන්න ඇති
මෙම යන්ත්‍ර දෙක ඉවත් නොකොට කාර්යක්ෂම බව වැඩි කිරීම සදහා වැඩ පිළිවෙලක් යොදන්නේ නම් වඩා වැදගත්
අර GMOA එකේ ලොක්කා වන "ඩොක්ටර් පාදෙණියගේ" මූලිකත්වයෙන් වරාය වටා පාගමනින් ගොස් මේ ස්කෑන් යන්ත්‍ර මගින් ලෝකයේ තිබෙන අති භයානක රෝග බෝවෙන බව ලෝකයට කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ නුවණ මඳ අයගේ හිතට කාවද්දන්න උත්සාහ නොකරන්නේ මන්ද කියා මගේ සීයා අහනවා...! මේ මෑන් තමන්ට අදාල හෝ අදාල නැති දේවල්වලට හොට දමා අනාගන්නා කෙනෙක් නිසා රටට අහිතකර විනාශකාරී දේවල් ආනයනය කර චූන් එකෙන් වරායෙන් පිටකිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර තිබෙන මේ ස්කෑන් යන්ත්‍ර ඇඟට ගුණ නැතැයි කියා ඒවා ඉවත්කරනතුරු හෝ සදාකාලිකව අක්‍රීය කරනතුරු සමහර අය ඇඟිලි ගණන් කරමින් සිටිනවාලු... බරපතල රෝග සඳහාද ස්කෑන් යන්ත්‍ර ලෝකයේ බොහෝ රටවල පාවිච්චි කරන බව මේ ස්කෑන් විරෝධීන් නොදැන සිටීම ඇත්තෙන්ම කණගාටුදායකයි...!!