(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
නීතිවිරෝධී අන්දමින් අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ අධි චෝදනා නඩුවේ විත්තිකාර වනජීවි දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක උපාලි පද්මසිරි නැමැත්තාට අද (09) ත‍්‍රිපුද්ගල මහාධිකරණය තරයේ අවවාද කළේය.
කිසිදු විත්තිකරුවෙකුට ලිපි මඟින් අධිකරණය සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවක් නොමැති බව තරයේ මතක තබා ගන්නා ලෙසද අධිකරණය එම විත්තිකරුට දැනුම් දුන්නේය.
නීතිවිරෝධී අන්දමින් අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ නඩුවේ විත්තිකාර සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණයට ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ විත්ති චාචික ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවද දැනුම්දී තිබුණද අධිකරණය මෙවැනි ලිපි ගනුදෙනු නොකරන බවත් සභාපති විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරුට තරයේ අවවාද කරමින් කියා සිටියේය.
විකුම් කළුආරච්චි (සභාපති විනිසුරු) , ධම්මික ගනේපොළ , හා ආදිත්‍ය පටබැඳිගේ යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
එම නඩුවේ සාක්කි විභාය ලබන 12 වැනිදා ආරම්භ කිරීමටද විනිසුරු මඩුල්ල එහිදී තීරණය කළේය.
ප‍්‍රකට අලි ජාවාරම්කරුවෙකු වන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා ඇතුළු අට දෙනෙකු නීතිවිරෝධි අන්දමින් අලි ඇතුන් පස් දෙනෙකු නීතිවිරෝධී ලෙස තබා ගැනීමට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවවාද කරලා පමණක් මදි හිරේ යවන්න ඕනේ ? ලොකු ලොක්කෝ අලි කිහිප දෙනෙක් හොරකම් කරහම අවවාද කරනවා අපි කැලේ ඉන්න කුරුල්ලෙක් හෝ පොඩි සතෙක් ගෙදර ගෙනාවොත් කලොත් දඩුවම් කරනවා.
ඕකනේ වැඩේ. උසාවියට ඉල්ලීමක් කරනකොට ලියුම් ලියන එක වැරදියි කියල දන්නේ නැත්නම් ඒ මනුස්සයා ඔය වගේ තනතුරකට සුදුසු නැහැ. සුදුසුකම් තියෙන අය බොහොම අඩුයි. රජයේ සේවයේ විතරක් නෙමෙයි දේශපාලනෙත් එහෙමමයි.