(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය කුඩාව වෙරළ තිරයේ දී අද (10) අලුයම රත්‍රන් කිලෝ 10 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය කුඩාව , පුදුකුඩුරිප්පු , කුරිඤඤංපිටිය ඇතුළු ප්‍රදේශවල පදිංචි සිංහල සැකකරුවන් තිදෙනෙකු හා මුස්ලිම් ජාතිකයකු බව කියයි.
ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබිණි.
අත්අඩංගුවට ගත් රත්‍රන් තොගයේ වටිනාකම තවමත් තක්සේරු කර නැති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
(ඡායාරූප - පද්මා කුමාරි කංකානම්ගේ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ට රත්‍රන් වලට කරන්න දෙයක් නැහැ
ඔය ටික රාජ සන්තක කරලා ජනතාවට පිරිසිදු වතුර ලබාදෙනව වගේ පොදු වැඩකට යොදන්න. ඉස්සර වගේ ඕවයින් කොත් පළඳන්න බලාගෙන ඉන්නවනම් ඒ අදහස වෙනස් කරගන්න.
මහී, ඔයාට අමතක වී ඇති කරුණනම් 1. ඔය කොතෙන් තමා රටට 30 වසරක සාපය නිමවී සාමය උදා වුනේ. 2. ඔය කොතෙන් තමා වසර 4 1/2 ක දුර්වල පාලනයක් අවසාන වුනේ. ඔයා කොයි රටේ ජිවත්වනවාදැයි අපි නොදනිමු. නමුත් රටේ ජිවත්වන අප මෙය ලියන්නේ අපගේ දුෂ්කර අතීතයත්, කටුක අත්දැකීම් ඔබට මතක් කරදෙන්නයි.
කුඩු විකුණන මුදල් රත්‍රන් බවට පරිවර්තනය කිරීම හොඳම මුදල් විශුද්ධි කිරීමේ මාර්ගයයි.
ලංකාව බොහොම පොහොසත් වගේ මට පෙනෙන්නේ. හාපෝ මෙපමණ රත්රන් තොගයක්..........
මේ වගේ අල්ලගත්තු හුඟක් දේවල් ගැන පහුගිය කාලවල අහන්න ලැබුනා. ඇත්තටම එව්වට මොකද වුනේ. සමහරවිට බහිරවයා ගිලිනවද කියලා දන්නැ.
"සිංහල සැකකරුවන් තිදෙනෙකු හා මුස්ලිම් ජාතිකයෙකු" ??
සේරුවිලනුත් රත්තරන් හම්බ වුනා නේද ඡන්ද කාලෙදි? පොහොට්ටුවේ තවත් එක "ස්වභාවික" වික්‍රමයක්. ඇත්තටම ඒ රත්තරන් වලට මොකද වුනේ?
ලංකාවේ රත්රන් ගැන කතාකරද්දී එක්තරා මැඩම් කෙනෙක් ව මට මතක් වුනා.