(ජයන්ත සමරකෝන්)
කොළඹ සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රය තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සැකකාර අධ්‍යක්ෂවරයාට(පාලක) මෙම 13 වන දින මාලිඟාකන්ද දිසා අධිකරණයේ නඩු පවරන බව, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.
මෙම උවදුර හේතුවෙන් ඉකුත් 25-28 යන දිනයන්හි එහි නවාතැන් ගෙන සිටි සාග් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් 13දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැළඳී කත්මන්ඩු නුවර රෝහලක පසුවීම හේතුවෙන් මෙම ස්ථානය දැඩි පරීක්ෂාවකට ලක් කළ බවද, ප්‍රධාන වෛද්‍යවරයා කීය.
එහිදී ස්ථාන 10කදී අබලි ද්‍රව්‍ය ගොඩගසා තිබූ ස්ථාන රැසකින් ඩෙංගු මදුරු කීට හමුවූ බවද, අපිරිසිදු ලෙස එම ස්ථානය පවත්වාගෙන යාම පිළිබඳව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට කිහිපවතාවක්ම එහි පාලනාධිකාරිය දැනුවත් කර තිබූ බවද හෙතෙම සඳහන් කළේය.
මෙම සිද්ධිය දැනගත් වහාම අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ නිලධාරීන් කණ්ඩායමට ඊයේ(09) එම ස්ථානය පරීක්ෂා කර අබලි ද්‍රව්‍ය ඇතුළු අපිරිසිදු ස්ථාන පිරිසිදු කිරීමටත්, එහි අධ්‍යක්ෂකවරයාට අබලි ද්‍රව්‍ය ඉවත්කිරීමටත් නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩකයෝ නේපාලයට ගිහිල්ල දවස් ගානක් නේද..? නේපාලයේදී ලෙඩ බෝවුනට මේ මනුස්සය මොනවා කරන්නද..?
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් (පවත්වාගෙන යාම )තමයි වැරැද්ද.
ලංකාවේ වැඩක් හරියට සිද්ධ නොවෙන්න හේතුව මොකක්ද? වැඩේ කරන්න නියමිත කිසිම කෙනෙකුට "වගකීමක් (Accountability) " පැවරිලා නැතිකමයි. ඕනෑම අතපසු වීමකදී, පැහැර හැරීමකදී, වැරදි දේ කිරීමේදී, මොකක් හෝ නිදහසට කරුණක් කියල මග හරින්න පුළුවන්. මේක රජයේ නිලධාරීන්ට විතරක් නෙමෙයි දේශපාලනයේත් උඩ සිට පහළට තියෙන දෙයක්. සමහර රටවල් කෝච්චියක් පෙරලුනහාම ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙන්නේ ඔය වගකීම පිලිබඳ සිද්ධාන්තය නිසයි. ඒකට අපේ ගොයියලා.
අවිධිමත් ලෙස ඩෙංගු කීටයන් වර්ධනය වෙන ස්ථාන හා එය පවත්වා ගෙන යන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරනවා ඇරෙන්න රජය පැත්තෙන් මෙය මර්ධනය කිරීමට ගත්ත පියවරක් නැද්ද තවම ?
මුව හමට තඩිබෑම, සහකාර අධ්යක්ෂ මොනවා කරන්නද. ඊට ඉහලින් කී දෙනෙක් ඉන්නවද නඩු පවරන්න.
සුගතදාස ක්‍රීඩාංගනය අවට වාසය කරන අයගේ සෞඛ්‍ය තත්වය සොයා බැලීම වටී.