( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෘත්‍රිම රා ජාවාරම පිළිබඳව තොරතුරු හෙළි කළ අලුත්ගම ලංකාදීප මාධ්‍ය තුසිත කුමාර ද සිල්වා මහතාට සහ ඔහුගේ බිරිඳට පහර දී නිවසට අලාභ හානි කළ පුද්ගලයින් පස් දෙනා ප්‍රදේශ හතරක සැඟව සිටියදී අද (10)අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ අංශය කියයි.
බෙලිඅත්ත, නෑබොඩ, නාරාහේපිට සහ මොරටුව යන ප්‍රදේශයන්හි සැඟව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පහර දීම හේතුවෙන් මාධ්‍යවේදී තුසිත කුමාරද සිල්වා මහතා හා බිරිඳ අලුත්ගම රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර තුසිත මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළු කර තිබිණි.
ඉකුත් 06 වැනිදා සවස තුසිත මහතා ඔහුගේ බිරිද සමඟ යතුරු පැදියකින් යමින් සිටියදී අලුත්ගම දර්ගා නගරයේ වැල්පිටිය-පිංහේන නිවස වෙත පැමිණෙමින් සිටියදී නිවස ඉදිරිපිටදී මෙම පහර දීමට ලක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොදයි. මේ අපරාධකාරයන්ට එරෙහිව ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කරන්නත් කටයුතු කල යුතුයි.
මෙම අත්අඩංගුවට ගැනීම ටිකක් ඉක්මන් වුනා නම් තමයි හොඳ.
සමහරු මේක දේශපාලනයට ගාව ගන්න උත්සාහ කළා. කොහොම නමුත් මේ මත් ජාවාරම සහ මුලින්ම තුරන් කළ යුතුයි.
රට තෝරගෙන තියෙන්නේ නියම බඩු ටික.
පොඩි වැඩයි කරන්න තිබුනේ. අල්ල ගත්ත වෙලේ ඉඳලා ඔය වහ බොන්න දුන්නානම් කෙලින්ම ඒ ලෝකේ. නඩුත් නැහැ බඩුත් නැහැ. අධික මත්පැන් පානයෙන් මිය ගිහින් කියලා මරණ සහතිකේ හම්බවෙයි. මිට පස්සෙවත් කෙටි වුවත් දිර්ඝකාලීන විසදුම් තමයි හොයන්න ඕනේ.