(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව සිදම්බරපුරම් ප්‍රදේශයේ දී යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු මිය ගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
මෙම සිසුන් දෙදෙනා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටියදී සිදම්බරපුරම් වන්නි කොට්ටම් ප්‍රදේශයේ දී වවුනියාව සිට සිද්ම්බරපුරම් බලා ගිය පෞද්ගලික බස්රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පී.බහිර්දන් නැමති සිසුවෙකු වන අතර අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් සිසුවා වවනියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන බවටද පොලීසිය පවසයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිසුන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය සැක පළ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කනගාටුදායක පුවතක්. මගේ සංවේගය.
අනේ තව එක විෂයයි කරන්න තිබුනේ. මම මගේ සංවේගය ප්‍රකාශ කරමි.
සාපෙළ සිසුන්ට අපලයක්ද? පවු ! එක්කෙනෙකුට ලියන්න යනකොට සර්පයෙක් දෂ්ට කළා. මියගිය අය පිලිබඳ කණගාටුව. සෙසු අයට ඉක්මන් සුවය පතමි.
මේ ළමයින්ගේ වයස අවුරුදු 16 පමණ විය යුතුයි. මෝටර් සයිකල් පදින්න ලයිසන් තිබුණේ ද? මේක නිසා තමයි අපි කියන්නේ නීතිය වල් වැදිලා කියලා. වැරදුණාට පස්සේ දුක් වෙලා වැඩක් නැහැ.