(ඩයනා උදයංගනී)
රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (09) පස්වරුවේ සිදු කෙරිණි.
එහිදී රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ ලැයිස්තුව මෙසේ වේ.
|
එස්.එච්.හරිස්චන්ද්‍ර මහතා
|
ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය |
|
මහාචාර්ය රංජිත් දිසානායක මහතා
|
නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
|
එස්. සේනානායක මහතා
|
වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
|
එම්.සී එල්.රුද්‍රිගෝ මහතා
|
ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
|
එස්.එච්.ඒ.එන්.ඩි අබේරත්න මහත්මිය
|
ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
|
බී.කේ.එස්.රවීන්ද්‍ර මහතා
|
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය |
|
ඞී.ඒ.ඩබ්ලිව්.වනිගසූරිය මහතා
|
දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය |
|
මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය |
|
ඞී.එස්.විජේසේකර මහත්මිය අමාත්‍යාංශය |
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන |
|
එල්.ඞී.සේනානයක මහත්මිය
|
ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය |
|
ආර්.එස්.එම්.වි.සෙනෙවිරත්න මහත්මිය
|
දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය |
|
ඒ.එස්.පද්මලතා මහත්මිය
|
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය |
|
කේ.එච්.ඞී.කේ. සමරකෝන් මහතා
|
විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය |
|
එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතා
|
තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය |
|
එම්.දේවසුරේන්ද්‍ර මහතා
|
බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය |
|
එස්.ජී. විජයබන්දු මහතා
|
රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු අමාත්‍යාංශය |
|
එස්. අරුමෙයිනායගම් මහතා
|
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
|
එම්.එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා |
සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය |
|
සී.එස්.ලොකුහෙට්ටි මහතා
|
තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය |
|
ජී.සී.කරුණාරත්න මහත්මිය
|
මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය |
|
ඒ. සේනානායක මහතා
|
මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
|
එම්.අයි.අමීර් මහතා
|
අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය |
|
ඞී.ඞී.මාතරආරච්චි
|
සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යාංශය |
|
එන්.පී.වී.සී. පියතිලක මහතා
|
වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
|
ඊ.එම්.එම්.ආර්.කේ.ඒකනායක මහත්මිය
|
ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය |
|
කේ.ඩබ්ලිව්.ටී.එන්.අමරතුංග මහත්මිය
|
මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
|
ඒ.කේ.ඩබ්.ඩබ්.එම්.එන්.කේ වීරසේකර මහත්මිය
|
වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය |
|
ඩබ්.ඒ.ඞී.සී.රූපසිංහ මහත්මිය
|
පරිසර රාජ්‍ය අමාත්‍යාංශය |
|
කේ.ඒ.කේ.ආර්.ධර්මපාල මහතා |
ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය |
|
කේ.ජී.ඒ.අලවත්ත මහත්මිය
|
සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය |
|
ආර්.විජයලෙච්චුමි මහත්මිය
|
ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
|
අනුරාධ විජේකෝන් මහතා
|
තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන කැබිනට් මණ්ඩලයේ සිටින ඇමතිවරුන්ගේ සුදුසුකම් මොනවද කියා සොයා බැලූවිට කැබිනට් ඇමතිවරු බහුතරය අපොස උසල් පෙළ දක්වාවත් අධ්‍යාපනය ලබා නැත. කෝටි දෙකක් වන ජනතාවට රටට බලපාන තීන්දු තීරණ ගැනීමට මොවුන් පත්කර ඇතිබව පෙනේ. පත්කර ඇති ලේකම්වරුන්ට උපදෙස් දෙන්නේ මේ ඇමැතිවරුද? මෙවැනි දැනුමෙන් නූගත් කැබිනට් මණ්ඩලයේ සිටින ඇමතිවරුන්ගේ උපදෙස් මත ලේකම්වරුන් ක්‍රියාකළ හොත් අපේ ලංකාවට තව වසර 70ක් ගියත් දියුණුවක් ඇතිවේද කියා ජනතාව ජනතාවගෙන්ම ප්‍රශ්න කළයුතු කාලය එළඹ ඇත. පසුගිය වසර 70දීම සිදුවූයේ මෙය නොවේද? පුරවැසියන් වශයෙන් අපට කණගාටු වන්නේ මෙවැනි දේ අපේ රටේ හැර වෙනත් රටවල සිදුවන්නේ නැති නිසාවෙනි.
ඇමතිවරු බහුතරය උසස් පෙළ දක්වා ඉගෙන ගෙන නැති බව ප්‍රකාශ කිරීම පට්ට පල් බොරු වගේම කුහකකම ප්‍රදර්ශන කිරීමකි. ඉතාමත් අතලොස්සක් හැරුණු විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මූලික සා පෙ, උ පෙ සමත් සේම උපාධිධාරයන්ද වේ. "නූගත් පාර්ලිමේන්තු" දෝෂාරෝපණය එල්ල කරන්නේ වැඩිමනත්ම සීයට 3 සහෝදරවරුය. මඩින් නැතුව දැන්වත් ගොඩින් එන්ට හැකි නම් ප්‍රතිශතය මදක් හෝ ඉහලට එසවීමක් බලාපොරොත්තු විය හැකිය.
උගත්කම නුවන සහ ප්‍රඥාව යන තුනම රටක පාලනය සඳහා නායකයට අවශ්‍යයි. සාමාන්‍ය පෙළ සමත් වූ පමණින් උගතෙක් වන්නේ නැත උගත්කමත් නුවණත්, ප්‍රඥාව ලගාකර ගැනීමට තව බොහෝ දේවල් අධ්‍යනය කල යුතුය.
මහාචාර්ය රන්ජිත් දිසානායක හට සුදුසු තනතුරක් ලැබීම ගැන සතුටු වෙමි. වෙනස් දැක්මක් ඇති උගත් බුද්ධිමතෙක්
රාජ්‍ය සේවයට නුසුදුසු, දූෂිත නිලධාරියෙකු යැයි අධිකරණය මගින් තීන්දු කළ කෙනෙකු අතින් පත්වීම් ලබාගත්තාම කාටද ආඩම්බර ?
කඩේ ගිය අයගේ නම් උඩින්ම දකින්න තියෙනවා. මොන බයිලා ගැහුවත් සුදුස්සන්ට තැනක් ලැබෙන්නේ නෑ.