( +++ මහින්ද නිශ්ශංක)
බී ලූනු අපනයනය රේගුව මගින් තහනම් කර තිබේ.
බී ලූනු අපනයනය කිරීමෙන් මෙරට වෙළෙඳපොළේ බී ලූනු හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තහනම පනවා ඇතැයි රේගු ආරංචි මාර්ග පවසයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් මෙරටට ආනයනය කරන බී ලූනු කන්ටේනර පිටින් ඉන්දියාවට අපනයනය කරන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු කිරීම අනුව මෙම තහනම පනවා ඇත.
දැනට ඉන්දියාවේ පවතින බී ලූනු හිඟය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නන්ගෙන් බී ලූනු අඩු මිලට ගෙන එක්තරා පෞද්ගලික ආයතනයක් ඉහළ මිලකට ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන බවට තොරතුරු වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජාවාරම මෙතෙක්කල් නතර නොකළේ ඇයි ? වගකිව යුතු ඔවුන් කවුරුන්දැයි අඩුම ගණනේ මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරන්න දඩුවම් දෙන්න බැරි නම්...........ගම්මිරිස් ගෙන ඒමත් මේ වැඩෙත් රටට ද්‍රෝහීව කළ වැඩ.
මට නම් මේක තේරෙන්නේ නැහැ. ලොකු ලුණු ගොවියාට ඉතාම වාසි සහගතයි. ඉන්දියාවට බැරි නම් මොන දේශේකට හරි හැටි ලුණු අපනයනය කරනවා නම් ලංකාවට විදේශ විනිමයත් ලැබෙනවා. ඒ එක්කම ලංකාවේ පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන මට්ටමක මිල පවත්වා ගන්නත් වග බලා ගණන ඕන බව ඇත්ත. නමුත් අපේ පුරාවස්තු වැනි ජාතික දේපල නොව නිෂ්පාදිත ද්‍රව්‍ය අපනයනය කරන එක නවත්වනවා කියන එක හරි වැඩක් කියලා මට නම් හිතෙන්නේ නෑ.
ප්‍රති අපනයනය ජාවාරමක් නම් සිංගප්පුරුව ඩුබායි වගේ රටවලින් අපි බදු ගන්නේ මොකද? තෙල් බින්දුවක්වත් නැති සිංප්පුරුවෙන් අපි තෙල් ගන්නවා. ඩුබායි රටෙන් වෙනත් අහාර ගෙන්නනවා. වෙළඳ ආර්ථිකය තේරුම් නොගෙන අපි හැම ආදායම් මාර්ගයක්ම වහනවා.
මහී මහත්මයා කියන දෙය වැඩි දෙනෙක්ට තේරෙන්නේ නැතිවා වගේ. ප්‍රති අපනයනය කියන්නේ හොඳ බිස්නස් එකක්. ලංකාවේ කොළඹ වරාය කියන්නේ ප්‍රති අපනයනය නිසා දියුණුවන තැනක්. ඉන්දියා ලංකා වෙළඳ ගිවිසුම නිසා ලංකාවට පුළුවන් අනෙත් රට වලට වඩා අඩු බද්දක් ගෙවල ඉන්දියාවට ද්‍රව්‍ය අපනයනය කරන්න. මේ තහනම පනවලා තියෙන්නේ දෙසැම්බර් මාසයේ ලංකාවේ ආහාර ද්‍රව්‍ය ඉල්ලුම වැඩි නිසා මිළ ඉහල යාම වලක්වන්න. ඒක දේශපාලනික තීන්දුවක්. නමුත් රටට අවාසියි.