(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාන්කුලම් A-9  කැළෑ රොදක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනා කේරල ගංජා තොගයක් අද (10) සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

කිලෝ දෙක බැගින් අඩංගු පාර්සල් 25 ක බහා තිබූ කේරල ගංජා තොගය පොහොර උර තුනක දමා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සොයා ගත් කේරල ගංජා තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට රැගෙන ඒමට නියමිත අතර කේඑල ගංජා තොගය සඟවා තැබූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.