(බිඟුන් මේනක ගමගේ)
රේගුවේ බහලූම් ප්‍රවාහන ක්ෂෙත්රයේ සේවකයන් තම දෛනික රාජකාරිවලින් අද (9) සිට ඉවත්වන්නේ යැයි පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බී.අයි ආබ්දීන් මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
බහලූම් පරීක්ෂණය සඳහා භාවිත නව එක්ස් කිරණ යන්ත්‍රයෙන් සෞඛ්‍යමය තර්ජනයක් ඇති බව පවසමින් වර්ජනයේ යෙදෙන බව ඔහු කීය.
මෙම නව එක්ස් යන්ත්‍රයෙන් විශාල සෞඛ්‍යමය හානියක් හා ජීවිතමය හානියක් සිදුවන බව පෙනී ගිය බවත් මේ ගැන විවිධ අවස්ථාවලදී ඉහළ පරිපාලනයට දැනුම් දුන් නමුත් ඉන් පලක් නොවූ නිසා මෙම තීරණය ගත් බවත් යැයි බී.අයි ආබ්දීන් මහතා කීය.
මේ සම්බන්ධයෙන් පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමය ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිව කරුණු දැනුම් දුන්නේ යැයි ද එයට පිළියම් සෙවීම සඳහා කඩිනමින් සාකච්ඡාවක් කැඳවන්නැයි ඉල්ලා සිටියේ යැයි ද ආබ්දීන් මහතා කීය.
මෙම කරුණ බහලූම් ප්‍රවාහනය කරන රියදුරන් හා රිය සහයකයන්ට විශාල බලපෑමක් එල්ලකරන්නේ යැයි ද එනිසා බහලූම් ප්‍රවාහන ක්ෂෙත්රයේ සේවකයන්ට හානියකින් තොරව රැකියාව කර ගැනීමට වටපිටාව සලසන්නැයි බලධාරින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ යැයි ද ආබ්දීන් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය යන්ත්‍රය නිෂ්පාදකයන් මෙහෙම කරාවිද? මේකෙ යටි අරමුණක් ඇති නිසැකවම, ලංකාවේ අය කටකතාවලට වැඩ කරන්න හරිම දක්ෂයි. ඒ තමන්ගේ වාසියට...
නව රජය පත් වුණාට පස්සේ ඕක නැවැත්තුවා කිව්වා නේද? ඒක වෙන මැසිමක්ද?
මේ ඇමති එන්න කලින් අවුලක් තිබ්බේ නැහැ නේද? ඇමතිතුමාත් කැමැති නෑ ඕකට...
ඇමති වැඩ පෙන්නන්නේ...
හොරාටම ගිය කලක්...
ඇමතිට සහාය දක්වන්න බොරු වර්ජනයක් වගේ..., මේ යන්ත්‍ර ඉවත් කළොත්නේ වාසි වැඩි... ඕනේ දහජරාවක් ගේන්න පුළුවන් වෙන්නේ...
මොකෝ සුදු වෑන් ගෙදරට එවන්නද? වැඩට එනවද කියලා..? විමල්, ගම්මන්පිලලා අහන්නේ නැද්ද?
දී කිරට බළලුත් සාක්ෂියි
අලුත් ඇමති එනවත් එක්කම හදිසියේම නව එක්ස් කිරණ යන්ත්‍රයෙන් සෞඛ්‍යමය තර්ජනයක් ඇති වීම පුදුමයක් නොවෙයි.
බඩු ස්කෑන් නොකරම පන්නන්න වගේ
අනේ කාලේ වනේ වාසේ. මෙහෙමත් රඟපෑම් මොකටද? ඔක්කොම පරීක්ෂන නවත්තලා කන්ටේනර් එලියට දාන්න. එතනෝල්, කුඩු, කොකේන් වලින් ස්වයංපෝශිත රටක් හදමු.
ලෝකේ දියුණු රටවල් හැමතැනම ජාවාරම් අල්ලන්න ඔය උපකරණ තියෙනවා. රට ආපස්සට යනවා වගේ දැනෙනවා
දොස්තරලත් ස්ට්‍රයික් කරයි ද දන්නේ නැහැ අපිටත් x Ray එපා කියලා.
මේ යන්ත්‍රය අවට හා යන්ත්‍රයේ විකිරණ ප්‍රමාණය සහ විකිරණ බලය පරික්ෂා කිරීමට ජාතික පරමාණු බලශක්ති අධිකාරිය ට පවරන්න පුළුවන් නේද? එවිට සේවකයන්ගේ සැකය දුරුවෙයි.
අම්මෝ ඕවා නම් අහෝසි කරන්න එපා තව තවත් වැඩි දියුණු කරනවා මිසක් . එහෙම උනොත් නම් හොරුන්ගෙන් පිරි රේගුවක් දකින්න ලැබෙයි ඉදිරියේදී.