(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වරදකරු වී මරණ දඬුවම ලැබූවන් අතරින් හතර දෙනෙකුට එම දඬුවම ක‍්‍රියාත්මත කිරීමට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම සළකා බැලීම ලබන මාර්තු 27 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය.
මෙම පෙත්සමට අදාළ කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය වන හෙයින් ඒවා විභාග කර අවසන් වන තෙක් රිට් පෙත්සම කල් තැබීම වඩාත් සුදුසු බවට අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු සිව් පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද තීන්දු කළ අතර ඒ අනුව පෙත්සම මෙදිනට කල් තැබිණි.
අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ , අර්ජුන ඔබේසේකර , අචල වෙංගප්පුලි සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් හමුවේ මෙම රිට් පෙත්සම සළකා බැලිණි.
මරණ දඬුවම ක‍්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කර්තෘවරයකු වූ මාලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා , අලූගෝසුවා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් 26 වැනිදා පැවති මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මරණ දඬුවම කි‍්‍රයාත්මක කරමින් සිරකරුවන් හතර දෙනෙකු එල්ලා මැරීමට අත්සන යෙදූ බව ප‍්‍රකාශ කර ඇත. එය ඉක්මණින් කි‍්‍රයාත්මක වන බවත්, මේ වනවිට ඊට දින තීන්දු වී ඇති බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී සඳහන් කර ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
මෙම ජනාධිපති තීරණය තමන් අභියෝගයකට ලක් නොකරන නමුත්, පුද්ගලයින් එල්ලා මැරීම වනචාරී කි‍්‍රයාවකි. ජනාධිපතිවරයා අත්සන් යෙදීමෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඉක්මන් ක‍්‍රියාත්මක කරනු ඇත. එල්ලා මරණ දවස පෙත්සම්කරු නොදන්නා නමුත් එය සති අන්තයේදී සිදුවිය හැක.
එබැවින් මරණ දඬුවම නියමවී සිටින පුද්ගලයින් එල්ලා මැරීම වළක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටත් , වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාටත් හා අලූගෝසුවාටත් නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු ඉල්ලා සීටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd