( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සබරගමු පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්රී හසිත මුහන්දිරම් හෙවත් ‘සර්පයා’ නැමැත්තා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය.
අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්රමසිංහ මහත්මිය විසින් මෙම තීන්දු පුකාශයට පත් කරන ලදී.
තමන්ට පැනවු මරණ දඩුවම ඉවත් කරන්නැයි ඉල්ලා හසිත මුහන්දිරම් ගොනු කළ ඇපෑලේ තීන්දුව ප්රකාශයට පත් කරමින් හෙතෙම මෙම මරණ දඩුවමින් නිදහස් කර ඇත.
පුද්ගලයින් දෙදෙනෙකු කාරයකට යට කර මරා දැමීමේ චෝදනා වට හසිත මුහන්දිරම් වරදකරු කරමින් 2014 වසරේ දෙසැම්බර් 11 වැනිදා රත්නපුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කළේය.
හසිත මුහන්දිරම් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල් අධිකරණයේදී මේ නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයාට වැරදුනා කියලද මේ කියන්නේ? විඩාර් හල්වොර්සන් කියනවා වගේ "එක අහිංසකයෙකු වැරදිකාරයා කරනවාට වඩා වැරදිකරුවන් දහ දෙනෙකු නිදහස් කර යැවීම හොඳය" කියල පෙනුනද දන්නේ නෑ. කොල්වින් ආර් ද සිල්වා නිකම්ය කිව්වේ "නීතිය ඔලු තුනේ බුරුවෙකි" කියලා.
බොරු ගොතලා ඇත්ත වහලා මිනී මරුවන් නිදහස් කර ගන්න නීතිඥයන්ද රටේ අපරාධ වලට වග කිව යුතුයි. ඔවුන්ට නම් ප්රසිද්ධ කිරීමෙන් ඔවුන්ට මඩිය තර කර ගැනීමට තවත් උපකාරයක් වනු ඇත.
තව කවුරු හරි ඉන්නවද මරණ දඩුවමෙන් නිදහස් වෙන්න ඕන කෙනෙක් ? එක්කෙනෙක් අත්සන් කළා. මම හිතන්නේ මිනි මරණ එක ජනතාකරණය වෙයි වගේ.
මේ අනුව..... දුමින්ද සිල්වත්, තංගල්ලේ සභාපතිත් ළඟදීම නිදහස් වෙයි වගේ.
දැන් මෙයා නිර්දෝශියි කියමුකෝ. එතකොට හදිසියේවත් එල්ලුවානම් මැරෙන්නේ අහිංසකයෙක්ද?
දේශපාලනය පැත්තක තියලා බැලුවොත් ඔහුට අවුරුදු 6 ක් ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ. විශාල මුදල් ප්රමාණයකුත් වැය වෙන්න ඇති නඩු වාර ප්රමාණය එක්ක බැලුවහම. ඉඩම් නඩු මීට අන්තයි. පහළ උසාවි වලට උගත් බුද්ධිමත් අයව යොදවන්න ඕන මේ නිසයි. කාලය සහ මුදල් නාස්ති වෙන්නේ. අනික අහිංසක මිනිස්සු කීයක් නම් ඇතුලේ ඇතිද ?
තත්වය මෙසේ නම් මුලින් වැරදි තීන්දුවක් දුන්න විනිසුරුට එරෙහිව ගත හැකි ක්රියාමාර්ග මොනවාද ?
දැන් මෙහෙම තමයි රැල්ල යන්නේ. මිනීමරුවෝ ඔක්කොම නිදහස් කරගෙන කරගෙන යනවා තමන්ගේ පැත්තේ මිනීමරුවන් නිදහස් කරනකම්. ඊට පස්සේ රැල්ල ආපිට හැරෙනවා
වාහනයක් හැප්පිලා මිනිහෙක් මැරුනට එය සාපරාධී මිනී මැරුමක් ලෙස සලකා මරණ දඩුවම දෙන්නෙ නෑ. නමුත් හිතා මතා හැප්පුවා කියා ඔප්පු උනොත් එය මිනීමැරුමක්. මෙහිදී මුලින් චේතනාවෙන් මැරූ බවට ඔප්පු කලා විය හැක. ඇත්තටම සිදුවූයේ කුමක් උනත් ඇපෑලේදී එය හිතා කළ සැලැස්මක් නොවන බව ඔප්පු කරන්න ඇති.
සර්පයා හුඹහෙන් එලියට දැන් කාට දෂ්ට කරයිද ?