(රන්ජන් කස්තුරි)
වරාය සේවකයන්ට නොමිලයේ ආහාර ලබාදීමේදී ඉකුත් කාලයේදී විශාල මුදලක් අවභාවිත වී ඇතැයි මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
වරාය සේවකයන්ට නොමිලයේ ලබාදෙන ආහාර පැකැට්ටුවක් සඳහා වරාය අධිකාරිය රුපියල් 360 බැගින් ගෙවා ඇත්ත, එහි නියම වටිනාකම රුපියල් 150ක් පමණ වන බවද, එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව වසර ගණනාවක සිට වරාය සේවකයින්ගේ ආහාර පැකැට්ටු වෙනුවෙන් රුපියල් කෝටි ගණනක අවභාවිතයක් වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(09) අදාළ නිලධාරීන් ගෙන්වා වරාය සේවකයන්ට ලබාදෙන ආහාර සඳහා නියම මිල පමණක් ගෙවන ලෙසද ඔවුන්ට ගුණාත්මක ආහාර වේලක් ලබාදීමට කටයුතු කරන්නැයිද පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ වැඩක් නැහැ කියලා....... වරාය කුස්සිය හැමදාමත් එවන්නේ කන්න බැරි කෑම. කාලයක් එක දිගට පොළොස. පොළොස් කොච්චර රසට හදන්න පුලුන්වන්ද ? එත් මේ එවන පොළොස් කටේ තියන්න බැහැ. කාලයක් එක දිගට ඇඹරැල්ලා. මාළු හැමදාමත් පරණ වෙච්ච ඒවා. කෑම වලින් සල්ලි ගහලා වගේම ඒ කුස්සියේ අයට කෑම උයන්න තේරෙන්නේ නැහැ. ඇමතිතුමා ඒ ගැනත් බලන්න.
කොහෙද අප්පේ වංචාව දුෂණය නැති ආයතන තියෙන්නේ ? මේකත් තවත් එකක් විතරනේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. නමුත් අද රටේ සිදුවෙන්නේ මේකේ අනෙක් පැත්තනේ.
ෂුවර් එකට ටෙන්ඩර් එකට කුරුමානම් අල්ලනවා ඇති.
මහ උනුත් හොර දුශිතයෝ නම් අනික් උන් කියලා නිකම්ම ඉදීද ?