(ඩී.කේ.රත්න)

සාමාන්‍ය පෙළ විභාගයේ අද (09) පැවති ගණිතය අංක දෙක ප‍්‍රශ්න පත‍්‍රය බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ පැවති විභාග ශාලාවක් වෙත අඩුවෙන් ලැබී තිබීම හේතුවෙන් විභාගයට පැමිණ සිටි සිසුන්ට පැය එක හමාරකට වැඩි කාලයක් විභාග මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවී තිබේ.

බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ පැවැති විභාග මධ්‍යස්ථානය විභාග ශාලා පහකින් සමන්විත අතර එක් ශාලාවක සිසු සිසුවියන් සඳහා ප‍්‍රශ්න පත‍්‍ර අඩුවී තිබේ.

පසුව එම ශාලාවේ සිටි සිසු සිසුවියන්ට  පිටතට පැමිණිමට ඉඩ නොදී කන්දකැටිය ප‍්‍රදේශයේ පාසලකට වැඩිවී තිබූ ප‍්‍රශ්න පත‍්‍ර රැගෙනවිත් එම සිසු සිසුවියන්ට බෙදාදී තිබෙන අතර මේ වන විට අනෙකුත් ළමුන් පැය එකහමාරකටත් වඩා වැඩි කාලයක් ගණිතය ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියා තිබේ.

ප්‍රමාද වී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සිදු වූ සිසුන්ගේ පිළිතුරු පත‍්‍ර සවස 5.30 ට පමණ එකතු කර ඇත.