බුරවි කුණාටුවෙන් පීඩාවට පත් පිරිස 70,000 ඉක්මවයි
ශ්‍රී ලංකාවට ඉකුත් 2 වැනිදා රාත්‍රියේ ඇතුළු වූ බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ සැඩ සුළං, වැසි හා ජලගැනීම් නිසා දිවයිනේ පළාත් හතකට අයත් දිස්ත්‍රික්ක 13 ක පවුල් 21,152 ක 70,155 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.දෙදෙනකු මියගොස් ඇති අතර 6දෙනෙකුට තුවාල සිදුවී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.