(ඉන්දිකා රාමනායක)
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් නීති විරෝධී ලෙස විදෙස් මත්පැන් බෝතල් 40 ක් පිටකිරීමට උත්සහ කළ රේගු සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රේගු ආරංචි මාර්ග පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගු දෙපාර්තමේන්තුවට තාවකාලිකව අනුයුක්ත කර සිටි කාර්යාල කාර්ය සහායකයන් දෙදෙනෙකු බවද රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ නියෝගය පරිදි මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (5) සිට වැඩ තහනමට ලක් කර ඇති බවද රේගු ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගත් විදේශ මත්පැන් තොගයේ වටිනාකම ලක්ෂ 4 ට අධික බවද රේගු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd