(රංජිත් රාජපක්ෂ )
ඒකාබද්ධ වනජිවි නිලධාරි හෙට (07) දින සිට යලිත් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
ප්‍රභාෂ් කරුණාතිලක මහතා අද(06) දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ බැව් පැවසිය.
සංකේත වැඩ වර්ජනය ආරම්භ කිරිම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වු ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා මෙසේ සිටියේය.
පොලොන්නරුව ජල ගැළුම් නිම්න රක්ෂිතයේ අනිතිත කටයුතු සිදු කිරිම සදහා රාජ්‍යය අමාත්‍යවරයා මේ වන විට පිඹුරුපත් සකසමින් ඉන්නවා.
අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමින් විසදුම් ලැබෙනතෙක් බලා සිටියා. නමුත් කිසිදු විසදුමක් ලැබුණේ නැ.
එ නිසා (07) දින සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹි ගහ කොල සතු සිව්පාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනවා.
හෙට දිනයෙත් සංකේතාත්මක වැඩ වර්ජනයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ.
කැබිනට් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍යය ඔස්සේ යහපත් ප්‍රතිචාර යොමු කරලා තියෙනවා. ඇමතිවරයාගේ මැදිහත්විම අපි බලාපොරෙත්තු වෙනවා එතෙක් සංකේත වැඩ වර්ජනය සිදු කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටුප් වැඩිකරන්නට නොව ඒ අය වර්ජනය කරන්නේ නීතියක් නැති නිසයි.
"හිටපු මිහරකුන්" පරිසරය විනාශ කර නතර කරපු තැන සිට "දැන් ඉන්න මිහරකුන්" ඒ පරිසරයම විනාශ කරනවා.. බලන්නකෝ කොච්චර වැදගත් විදියට, පිළිවෙලට "මිහරකුන් 225" බෙදා හදාගෙන සුහදව සහෝදරකමින් කන බොන හැටි... මුළු ලෝකෙටම අපේ 225 කොතරම් හොද ආදර්ශයක් දෙනවද අම්මපා...?
රටට, දැයට, අනාගත පරපුරට ආදරේ කරන නිලධාරීන්ට තක්කඩි දේශපාලකයෝ එක්ක කොයිතරම් ඔට්ටු නැති අයට නම් පරිසරය රකින්න වුවමනාවක් නැත.