
(නිමල කොඩිතුවක්කු)
මගී අසුන් වලට අමතරව මගීන් රැගෙන යන බස්රථ සේවකයන් වහාම අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දි ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවසීය.
කොවීඞ් ප්‍රවාහන ප්‍රතිපත්තිය යටතේ මගීන් අසුන්වල පමණක් ප්‍රවාහනය කිරීම සඳහා බස් ගාස්තු සංශෝධනයක් සිදු කර තිබියදීත් ඇතැම් මාර්ගවල අධික ලෙස මගීන් රැගෙන යන බවට තවමත් පැමිණිළි ලැබෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
කිසිදු හේතුවක් මත මගී ආසන වලට අමතරව මගීන් රැගෙන යාමට බස් රථ වලට අවසර නොලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පලයන් යන්න... ඔබලාට එහෙම පුළුවන්ද?
ප්‍රවාහන රාජ්‍ය ඇමති කොයි දවසේ ඉදලාද ඕක කියන්නේ බස් ගාස්තු වැඩි කරලා දැන් මාසයක් විතර වෙන්න ඇවිත් ඔය නිතිය ක්‍රියාත්මක කරන්න බැ. පොලිසියට ඔය බස් බැලුවොත් අයිතිය තියෙන්නේ පොලිසියේ නිලධාරීන්ට. අනික පොලිසිය සල්ලි ලැබෙනවා මාසිකව හෝ වාර්ෂිකව... එහෙම උනාම කොහොමද බස් අල්ලන්නේ? දැන් තියෙන්නේ බස් ගාස්තුව තිබ්බ ගානට ගෙන එක විතරයි අමුතුවෙන් ඉදගෙන යනවා කියලා නෙමෙයිනේ... හිටගෙන එක්ක යන නිසා කොහොමත් කොරෝනා බෝ වෙන නිසා අනික සෞඛ්‍ය අංශ නිකුත් කල මාර්ගෝපදේශ කිසිවක් පෞද්ගලික බස් ක්‍රියාත්මක කරන්නේ නැහැ. පොලිසිය එවා ගැන හොයන්නේ නැහැ . හොයන්නේ මගියෙක් මාස්ක් එක හුස්මගන්න බැරි නිසා පහත් කරන් හිටියොත් විතරයි ඊයේ රාත්‍රි 7ට පමණ කොට්ටාවේදි ගමන් ආරම්භවි ගල්කිස්ස දක්වා යාමට නියමිත පෞද්ගලික බස් රථය පොල්පැටවු ගානට පටවාගෙන ගියේ පොලිසි නැහැ. කොට්ටාවේ රාජකාරියට ඉන්පසුව ටර්න් එක තිබ්බ සිටිබි එකවත් දැම්මේ නැහැ. නැවත පෞද්ගලික බස් රථයකට අවස්ථාව දුන්නා. මගින් සිටියදි මගින් අඩු අවස්ථාව තමයි සිටිබි බස් එක ගත්තේ. එවිට කොහොමද සිටිබි නගා සිටුවන්නේ?
මෙය ඉතා හොද පියවරක්. ආසන ගනනට වඩා මගින් රැගෙන යන බස් වලට ගැසීම වගේම හිටගෙන යන මගීන්ද මෙම දඩ මුදලට යටත් කල යුතුයි. එවිට මගීන් ද බස්රථ තුලට හිටගෙන යාමට ඇතුළු නොවනවා ඇත. තවත් දෙයක්.කීමට ඇත. සමහර කොටුව ගුවන් තොටුපල සාමාන්‍ය සේවා බස්රථ රුපියල් 100ක් අය කරනවා. මහබාගේ දක්වා 60, ජා ඇල දක්වා 80, සීදුවෙන් එපිටට 100 ක් ලෙස. මෙයද සොයා බලන ලෙස ඉල්ලමි.
ගාන වැඩි කරලත් පටොලා ගෙනියනවා නම්.., ගාන වැඩි කලේ මොකටද? මොන ඇමති මොකක් කිව්වත් වැඩක් නැහැ. මේවා එක්කෝ ඇමතිලාට අයිතියි. එක්කෝ පොලිසියේ අයට සම්බන්ධයි. මේකත් අර හාල්වලට කළා වගේ තමයි. බස් අයිතිකාරයින්ට අවශ්‍ය විදියට තමයි කටයුතු වෙන්නේ. එහෙම නැතිව මගීන් ගැන හිතලා දෙයක් කරනවා කියලා නම් හිතන්න අමාරුයි..