IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මහ රැජින - පිලිප් කුමරු කොරෝනා මර්දන එන්නත් ප්‍රමුඛතා ලයිස්තුවට

 

බ්‍රිතාන්‍ය රජයේ මහ පරිමාණ එන්නත් වැඩසටහන සහ එන්නත් ලබාදීමේදී වැඩිහිටියන්ට ප්‍රමුඛත්වය දීම යටතේ එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් මහ රැජින සහ පිලිප් කුමරු ද මුලින්ම එන්නත ලැබෙන පිරිස අතර සිටින බව   ‘ද ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

රජ මාලිගයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද ටයිම්ස්’ පුවත්පත ඒ බව වාර්තා කර තිබේ.

දෙවැනි එළිසබෙත් මහ රැජින සහ පිලිප් කුමරු ‘කොවිඩ්-19’ එන්නත ලබාගත් පසු ඒ බව මහජනතාවට දැනගැනීමට ඉඩ සලස්වන බව රජ මාලිගයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද ටයිම්ස්’ පුවත්පත සඳහන් කරයි.

මහ රැජිනිය මේ වනවිට 94 වැනි වියේ පසුවන අතර පිලිප් කුමරු 99 වැනි පසුවෙයි.    

ඇමෙරිකාවේ ෆයිසර් සමාගම් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් යන සමාගම් දෙක එක්ව නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත අගහරුවාදා (8) සිට බ්‍රිතාන්‍ය වැසියන්ට ලබාදීමට එරට රජය මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටියි. ෆයිසර්/බයෝඇන්ටෙක් සමාගමේ ‘කොවිඩ්-19’ එන්නතට දෙසැම්බර් 2 වැනිදා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවිය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ගෝලීය වසංගතයෙන් එක්සත් රාජධානියේ 60,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.7 ඉක්මවයි.

රජ මාලිගයට ද නව කොරෝනා වයිරසයෙන් ගැලවීමට නොහැකි වූ අතර මහ රැජිනට පසු රජ කිරුළට හිමිකම් කියන රැජිනගේ වැඩිමහල් පුතු වන චාල්ස් කුමරු මෙන්ම චාල්ස් කුමරුගේ පුතු වන විලියම් කුමරුට ද වයිරසය ආසාදනය වූ මේ වසර මුලදී වාර්තා විය.

චාල්ස් කුමරු සහ ඔහුගේ සොහොයුරිය වන ඈන් කුමරියට පෝලීය එන්නත ලබාදුන් බව මහ රැජින 1957 වසරේදී ප්‍රසිද්ධියට පත් කළ බව ද ‘ද ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇත. චාල්ස් කුමරු ඒ වනවිට අටවන වියේ පසු වු අතර ඈන් කුමරිය හයවැනි වියේ පසුවූවාය.

එම අවධියේදී පෝලීයෝ එන්නත නව එන්නතක් වූ අතර චාල්ස් කුමරුට සහ ඈන් කුමරියට එන්නත ලබාදුන් බව ප්‍රසිද්ධියට පත් කිරීම ඒ සම්බන්ධයෙන් තිබූ බිය දුරු කිරීමට හේතුවක් වූ බව ද පැවසේ.

පෝලීයෝ එන්නත මුලින්ම එක්සත් රාජධානිය ලෙස තුළ ලබාදීම ආරම්භ කළේ 1956 වසරේ දී ය.
 
(ද ගාඩියන්/රොයිටර්)
 
055



අදහස් (9)

මහ රැජින - පිලිප් කුමරු කොරෝනා මර්දන එන්නත් ප්‍රමුඛතා ලයිස්තුවට

Puppa Sunday, 06 December 2020 01:18 PM

මෙහෙත් එහෙම තමයි ඉස්සෙල්ලාම පවුලට .අන්තිමට යටත් වැසියන්ට .

:       2       12

Max Sunday, 06 December 2020 03:52 PM

හොද වෙලාවට ඒ රටේ ජවි සහ සජබ කට්ටිය නොමති නිසා එම කටයුත්තේ දොසක් දකින්න, ජනතාවට කලින් පාලකයො එන්නත විද ගන්නවා යනුවෙන් කියන්න කවුරුවත් නැහැ.

:       18       13

sampath Sunday, 06 December 2020 04:21 PM

මෙයාලා කුමර කුමරියන්.., අපිත් ඒවම දාගමු.. අපේ කේන්දරවලත් කුමරු කියලා තියෙනවා. අපි ඒවා පාවිච්චි නොකළාට 90පැනලත් කුමරු වෙන එකේ අපිත් ඔක පාවිච්චි කරමු..

:       5       5

BamunuarachchiTuesday, 08 December 2020 02:37 AM

මෙයා සිංහල කතන්දර කියවලා හිතා ගෙන ඉන්නේ කුමාරයා කියන්නේ රජතුමාගේ දරුවන්ට පමණයි කියලා. අනේද කියන්න ඔන්න දැනුම. හලෝ ඒ ගොල්ලෝ රාජපෙළපත් වලින් එන කුමාරවරු ඔවුන් ඒ නම් වලට හිමිකම් කියන අය. මොහු එලිසබත් කුමාරිව මුණගැසුනේ නාවල් ඇකඩමියේ පුහුනුවෙන කාලේ වයස 22 දී. ඒකාලේ වෙනකොටත් ෆිලිප් ඩෙන්මාර්කයේ සහ ග්‍රීසියේ කුමරු හැටියටයි හිටියේ.

:       1       0

chathura Sunday, 06 December 2020 06:10 PM

මහා කෙනාට කෙසේවෙතෙත් වයසක මනුස්සයාට ඔය බේත ඔරොත්තු දෙයිද..?

:       4       6

Bamunuarachchi Tuesday, 08 December 2020 02:40 AM

ඒගැන අපි මොකටද කලබල වෙන්නේ? ප්‍රශ්නයක් කර ගන්නේ. ඔවුන් දෙදෙනා අවුරුදු 75ක් නොකැළැල් විවාහ ජීවිතයක් භුක්ති විඳින එක නිරෝගීව ඉන්න එක ගැන සතුටුවෙන්න....

:       1       0

Bamunuarachchi Tuesday, 08 December 2020 02:44 AM

අපිට අපේ රට ජපන් ආක්‍රමණයෙන් මෙන්ම ලංකාව පාලනයකළ වඩුග පෙළපතින් බේරාදීම ගැන මම ස්තුතිය පුදකරනවා. නැතිනම් මේ වෙනවිට අපි තමිල්නාඩුවේ කොටසක්...

:       1       0

ravin Tuesday, 08 December 2020 06:14 PM

ගල් බමුණෝ, කොහොමත් බමුණෝ ඉන්නේ ඉන්දියාවේ බව අපි දන්නවා. ඔබත් අමුඩයක් ගහගෙන මුහුදට පැනලා ලංකාවට පිහිනගෙන ආපු වඩුගයෙක් බව අපි දැනගෙන සෑහෙන කලක් වෙනවා.

:       0       0

Bamunuarachchi Friday, 11 December 2020 12:22 PM

අඩේ අප්පා වඩිග පරපුරට බනින කොට රවීන්ට කේන්ති ගිහිල්ලා වගෙයි. වඩිගයෝ හිටියානම් අද ජනාධිපතිත් තමිල්නාඩු වඩිගයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31593 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13957 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site