හලාවත - වෙන්නප්පුව - නාත්තන්ඩිය හුදෙකළා කරන්නයි වයඹ ආණ්ඩුකාරයා ඉල්ලයි
හලාවත ප්‍රදේශය ආශ්‍රිතව මේවනවිට කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන හලාවත, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බළ ප්‍රදේශ වල ජනතාවගේ ගමන් බිමන් සීමාකර හුදෙකලා තත්ත්වයට පත් කළ යුතු බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි.