( පුෂ්පකුමාර ජයරත්න )


හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකුවූ යාපහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ටී.බී.ඒකනායක මහතා රෝගාතුරව කුරුණෑගල සමූපකාර ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (6) උදෑසන මරණයට පත්ව ඇත.


මෙරට පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ , පොදු පෙරමුණු සහ එක්සත් ජාතික ජනතා නිදහස් සන්ධාන රජයන්හී විවිධ අමාත්‍යධූර දැරූ ඒකනායක මහතා පසුගිය මහා මැතිවරණයෙන් පරාජයට පත් විය. ඒකනායක මහතා මියයන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.