
(එම්.කේ. නන්දසේන)
හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයකු, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාට අයත් සෙල්ලකතරගම දඹේ ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක තිබී සොරකම් කළ බව කියන රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සහ සැකකරුවන් 4 දෙනෙකු අද(04) කතරගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
වායුසමන යන්ත්‍ර, තහඩු, අල්මාරි, මෙට්ට, ඇඳන්, කෑම මේස, පුටු, ශීතකරණ, නාන කාමර කට්ටල, වතුර මෝටර ඇතුළු තවත් උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බඩු භාණ්ඩ අතර දක්නට ලැබිණි.
මෙම නිකේතනය බාරව සිටි මුරකරු නිවාඩු ලබා සිටි අතරවාරයේ මෙම සොරකම සිදුවී ඇති බවට කතරගම පොලීසියට පැමිණිල්ල ලැබී පැය 24 ක් ඇතුලත බඩු භාණ්ඩ හා සොරුන් අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
හිටපු අමාත්‍යවරයා කතරගම පොලීසියට පැමිණ බඩු භාණ්ඩ හැඳිනගෙන ඇතැයිද පැවසේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහිත බෝගොල්ලාගම මොන පැත්තකින් හරි එල්ලිලා ඉන්නවා.
හොරුන්ගෙත් හොරු...
ඕක මොකක්ද අපේ රෝහිත බෝගොල්ලාගම මැතිදුන්ට ... එතුමා උපන්දිනයකට ඩොලර් 15000 වියදම් කලේ...
සෙවිලි තහඩුත් හොරකම් කරලද දන්නේ නෑ...
මෙහෙම හොරු නම් පැය 24න් අල්ලනවා. දක්ෂතා වගේ පෙනුණත් ඇත්තටම විහිළු...
ෂුවර් එකටම කම්බා හොරෙක්...
කම්බ හොරෙක්ගේ දේවල් පොඩි හොරෙක් හොරකම් කරලා...
මේකත් ලාභ ගන්න කරපු උප්පරවැට්ටියක් වෙන්න බැරිද? මේ වගේ කෙනෙක්ගේ බඩු හොරු ගන්නේ නෑ සාමාන්‍යයෙන්...
මේවා ඔක්කොම මහජන මුදල් කොල්ලකාලා හම්බ කරපුවා. ඒ නිසා දුප්පත් මිනිහෙක් ගත්තට කමක් නෑ.