(ඉන්දිකා රාමනායක)
මහර බන්ධනාගාරයේ දී ඉකුත් දා ඇති ගැටුමෙන් මියගිය රැදවියන් 11 දෙනා අතරින් හය දෙනෙකුගේ ද සිරුරු ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
මොවුන්ගෙන් දෙදෙනෙක් පෙරේදා (4) දින හදුනාගෙන ඇති අතර සෙසු සිව්දෙනා ඊයේ (5) හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙලෙස මුලින් හඳුනා ගෙන ඇති දෙදෙනා ජාඇල සහ වත්තල පොලිස් බල ප්‍රදේශයේ වල පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙලෙස හදුනාගෙන ඇත්තේ ජාඇල කළු පාළම, වත්තල හුණුපිටිය ,වැලිවේරිය රතුපස්වල, වත්තල එඩේරමුල්ල, අගුරුවාතොට, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද අජිත් රෝහණ මහතා කීය.
මුලින් හදුනාගත් පුද්ගලයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර සෙසු සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.
ඔවුන් සම්බන්ධයෙන් ඩී.එන්.ඒ පරීක්ෂණයක් ද සිදු කළ බව අජිත් රෝහණ මහතා කියා සිටියේය .
මෙම සිද්ධියෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් තවත් පස් දෙනෙකුගේ මළ සිරුරු හඳුනා ගැනීමට නියමිත බව ද අජිත් රෝහණ මහතා පැවසීය.
මොවුන් සම්බන්ධයෙන් සිදුකළ පී සී ආර් පරීක්ෂණයේ දී රැදවියන් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd