සුමන්දිරන්ගේ පෙත්සම විභාගයට නොගෙනම විසි කරන්නැයි ඉල්ලයි මාර්ගගත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා ගොනුකොට ඇති පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. 20 February 2024
ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවයි ? ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් දෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට අද (20) දැනුම් දුන්නේය. 20 February 2024
ඉන්දීය සහායෙන් හැදෙන ආශ්‍රමයකට කොත්මලෙන් ඉඩමක් ශ්‍රී නාරායන් ගුරු සියවස් සංවත්සරය වෙනුවෙන් ආශ්රමයක් ඉදිකිරීම සඳහා ඉඩම් කොටසක් දීර්ඝ කාලීනව බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2024
මාළු ගණන් උස්සයි වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 20 February 2024
කොවිඩ් එන්නත් තුනක අතුරු ප්‍රතිඵල එළියට ෆයිසර් , මොඩර්නා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇති වීමේ දුර්ලභ අවස්ථාවක් තිබෙන බව මෙතෙක් එම එන්නත සම්බන්ධයෙන් කළ විශාලතම අධ්‍යනයෙන් හෙළි වී ඇතැයි ෆෝර්බ්ස් සඟරාව වාර්තා කළේය. 20 February 2024
නව රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 20 February 2024
ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස්වෙයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතා එම ධූරයෙන් අද (20) ඉල්ලා අස්විය. 20 February 2024
පරිසර අධිකාරියේ හිටපු සභාපතිගේ පෙත්සම විසිවෙයි තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 20 February 2024
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෝ ආයුර්වේද වටරවුම වටලති ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයන් මුහුණ දී ඇති ගැටලු කීපයක් මුල්කරගැනිමින් දේශීව වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රාජගිරි ආයුර්වේද වටරවුමේදී අද (20) පස්වරුවේ පැවැත්වූ විරෝධතාව හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇතිවිය. 20 February 2024
ගුරු සංගම් නියෝජිතයෝ මහනුවරදී විරෝධයක ගුරු සංගම් නියෝජිතයන් වු ජෝෂප් ස්ටාලින් මහින්ද ජයසිංහ ඇතුළු ගුරු මංගම් නියෝජිතයන් මැදරට ගුරුවර ගරුවරියන් දහස් ගණනක් මහනුවර නගරයට එක්රොක්වී අද පසවරුවේ (20) ආරම්භ කල දැවැන්ත උද්ඝෝෂණය හේතුවෙන් මහනුවර නගරය උණුසුම් විය. 20 February 2024
ප්‍රවාහන සේවා අධිකාරියේ නිලධාරීන් අල්ලස් ගනිද්දී මාට්ටු රුපියල් 30,000 ක අල්ලසක් ගත් බව කියන මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ කළමනාකාරවරයෙක් සහ සහකාකර කළමනාකාරවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 20 February 2024
චීන කතගෙන් පොලිසිය උදළු ප්‍රහාරයක් චීන ජාතික කතක වීසා බලපත් නොමැතිව මෙරට රැදී සිටින බවට ලද තොරතුරක් මත එය විභාග කිරීමට ගිය පොලිස් නිළධාරීන් දෙදෙනකුට සහ කාන්තා නිළධාරීනියන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කරමින් උදැල්ලකින් පහරදී ඇතැයි බේරුවල පොලිසිය පවසයි . 20 February 2024
විශ්‍රාම වැටුප නැති කිරීමට එරෙහිව අත්පත්‍රිකා බෙදති ආණ්ඩුව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට සූදානම් වන්නේ යැයි චෝදනා කරමින් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව මාලිගාවත්තේ පිහිටි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට අත්පත්‍රිකා බෙදීමේ ක්‍රියාමාර්ගයක අද (20) නිරත විය. 20 February 2024
අල්ලස් වයින් ස්ටෝස් 300ක් දෙන්න යනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලෙස වයින් ස්ටෝස් 300ක් ලබාදීමට සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 February 2024
චරිත හේරත්ගෙන් ජනතාවට උපදෙසක් ජනාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයාට වඩා ඔහු සමඟ ඉන්න කණ්ඩායම ගැන හොඳ අවබෝදයකින් ජනතාව කටයුතු කළ යුතු බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව බරපතල තීරණයක් ගතයුතු බවත් නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (20) පැවසීය. 20 February 2024
දරුවන් රකින්න නීතියෙන් ’’දඬුවැටක්’’ ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2024
ජනාධිපති අපේක්ෂක අභියෝගය ගන්න සූදානම් ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණ හොත් අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 February 2024
ආයුර්වේදය අලුත් කරන්න කැබිනට් තීරණයක් කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ උන්නතිය සඳහා කෙටුම්පත් කරන ලද ආයුර්වේද සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 20 February 2024
බඹරු ඇන සිසුහු 73ක් රෝහලේ පස්සර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා පෙරහුරුවේදී අද (20) එල්ලවූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 73ක් තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි . 20 February 2024
පොලිසියට අලුත් සපත්තු-නිල ඇඳුම් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් පරීක්ෂක හා කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා නිල ඇඳුම් සැපසීම සහ පොලිස් සැරයන් /පොලිස් කොස්තාපල් නිලධාරීන් සඳහා පාවහන් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2024
වසර 65 ක් පැරණි පුස්තකාලය ජාතික ජනබලවේගයට පිරිනමයි මෙරට වමේ ව්‍යාපාරය නියෝජනය කරන ජනප්‍රිය ලේඛකයෙක් වන නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා ඒ මහතා රචනා කළ පොත්පත් ඇතුළුව වසර 65 ක් පමණ කාලයක් එකතු කළ වටිනා පොත් තොගයක් ජාතික ජන බලවේගයට පරිත්‍යාග කළේය. 20 February 2024
රැඟුම් පාලක මණ්ඩලයේ රැඟුම් නවත්වන්න කැබිනට් අනුමැතිය 1912 අංක 7 දරන ප්‍රසිද්ධ රැගුම් ආඥා පනත පරිච්ඡින්න කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කරලීම සඳහා වූ පනත් කෙටුම්පතක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 20 February 2024
ලෙල්ලම වෙඩි තැබීමේ සිද්ධියට සැක අයෙක් අත්අඩංගුවට මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍ර දේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවකු හෙරොයින් සමග කඩවත මංකඩ පාර ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක පවසයි. 20 February 2024
අධිකරණ වැඩට ’’කඩුව’’ පාවිච්චි කරන්න අවසර ඇතැම් අධිකරණවල නීති කෘත්‍යයන් හා වාර්තා පවත්වාගෙන යාම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2024
හරීන්ට කොල්ලුපිටියේ විරෝධයක් ක්‍රීඩා, යෞවන සහ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී ‘ශ්‍රී ලංකාව ඉන්දියවේ කොටසක්’ යැයි කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ‘එට්කා’ එපා ජාතික එකමුතුව’ කොල්ලුපිටියේ පිහිටි ඉඩම් සහ සංචාරක අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පෙරවරු විරෝධතාවක් පැවැත්වීය. 20 February 2024
උයිලංකුලම් ගොවියෝ ජීවිත අරක්ෂාව ඉල්ලා විරෝධයක මන්නාරම උයිලංකුලම් නොච්චිකුලම් ප්‍රදේශයේ පිහිටි කුඹුරුයායක ගොවිතැන් කටයුතුවල නිරත වූ ගොවියෙකුට කිසියම් පිරිසක් වෙඩිතබා පලාගොස් ඇතැයි පොලීසිය කියයි. 20 February 2024
ලංකාව- ඉන්දියාව තවත් කිට්ටු කරන්න තීරණයක් ගනියි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහන ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2024
බන්ධනාගාරවලට රැගෙන ආ දන්තාලේප තුළ මත්ද්‍රව්‍ය මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු රැදවියාට දීමට රැගෙන ආ දන්තාලේපයක් තුළ සූක්ෂම ලෙස සඟවා හොරයින් මිලිග්‍රෑම් 3410 ප්‍රමාණයක් වෙස්ලි මුරපොල රාජකාරී නියුතු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකායේ නිලධාරීන්ගේ දැඩි සෝදිසියේ ප්රතිඵයෙන් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. 20 February 2024
හෙරොයින් සමඟ යුවළක් මාට්ටු : බිරිය ගිල දැමූ හෙරොයින් වමාරයි යුක්ති මෙහෙයුමට සමාගාමීව වෙන්නප්පුව පොලිස් ස්ථානය මගින් සිදුකරන ලද වැටලීමකදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ විවාහක යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 20 February 2024
මහ බැංකු වැටුප් වැඩි වීම මුදල් අමාත්‍යාංශයට පාලනය කරන්න බෑ මහ බැංකුවේ වැටුප් වැඩි වීම මුදල් අමාත්‍යංශයෙන් පාලනය කරන්න බැරි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 20 February 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026