(අංජුල මහික වීරරත්න)
ශ්‍රී නාරායන් ගුරු සියවස් සංවත්සරය වෙනුවෙන් ආශ්‍රමයක් ඉදිකිරීම සඳහා ඉඩම් කොටසක් දීර්ඝ කාලීනව බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී නාරායන් ගුරු සියවස් සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය ආධාර මත ආශ්‍රමයක් ඉදි කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ශ්‍රී නාරායන ධර්ම සංගම් කොළඹ භාරය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි රජය කියයි.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රම්බොඩවත්ත නමැති ඉඩමෙන් අක්කර හයයි රූඩ් දෙකක් පමණ ඉඩම් කොටසක් ඒ සඳහා හඳුනාගෙන ලැබ තිබේ.
එකී ඉඩම් කොටස වසර තිහක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ශ්‍රී ලංකා නාරායන ධර්ම සංගම් කොළඹ භාරය වෙත ලබාදීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරෙයි.ආදරෙයි.හරක් හමක් එලා ගන්න තැනක් ඉල්ලපු උන් රටම අල්ලන්න ගේම් ගැහුවා කියලා මතකයි රජ කාලේ.ආදරෙයි.ආදරෙයි.ඔහොම යමු...ලංකාවේ ගොඩක් උන්ට ඔය ආශ්‍රමේ ඉඩ හදපල්ලා ඉන්න...ආදරෙයි .ආදරෙයි
මොවුන් ආණ්ඩුවේ ඉඩම් බෙදන්නේ අම්මගේ අප්පගේ දේපළ වගේ... යන්න කළින් රටම විකුණලා තමයි යන්නේ...
ඉඩම දෙන්නේ බදු පදනමින්ලු. මම අහන්නේ අවුරුදු 30කින් පස්සේ ආශ්‍රමය ගලවාගෙන යනවාද? නැත්නම් ලංකාවට බාර දෙනවාද? ඒකෙන් ලැබෙන ආර්ථික වාසි මොනවාද? මෙව්වා තමයි සීතල ආක්‍රමණ. රටම හිඟමනට වට්ටපු පාලකයෝ, සල්ලි ටිකක් අරන් එනවා නම් ඕන කුණුගොඩකට කරගන්න පේවෙලා ඉන්නවා. ඉතිහාසයේ සිට ඉන්දීය ආක්‍රමණයන්ට එරෙහිව ශ්‍රී ලංකාව යුද්ධ කළ රටක් නිසා කිසිවිටක ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නේ නෑ කියලා එස්.බී කිව්වා කියන ප්‍රවෘත්තියක් තිබුණ. යුද්ද කළේ එදා.. අද ඔලුව අතගාලා, මූණ ඉඹල තමයි රෙද්ද කඩන්නේ.. කමක් නෑ.. ලැජ්ජාව බින්දුවට වැටුනු ජාතියකට මොන රෙදිද..?
අද ඉන්දියාව අපේ ඔලුව අතගාලා, මූණ ඉඹලා තමයි රෙද්ද කඩන්නේ.. කමක් නෑ.. ලැජ්ජාව බින්දුවට වැටුණු ජාතියකට මොන රෙදිද?