(අංජුල මහික වීරරත්න)
1912 අංක 7 දරන ප්‍රසිද්ධ රැගුම් ආඥා පනත පරිච්ඡින්න කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කරලීම සඳහා වූ පනත් කෙටුම්පතක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ප්‍රසිද්ධ රැඟුම් සම්බන්ධයෙන් දැනට 1912 අංක 7 දරන ප්‍රසිද්ධ රැඟම් ආඥා පනත ක්‍රියාත්මක වන අතර ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට හා ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නිර්මාණ නිදහස පූර්ණ වශයෙන් සුරැකෙන පරිදි ලාංකික සමාජයට උචිත නීතිරීති හඳුන්වාදීම පිණිස නව පනතක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇතැයි රජය පවසයි.
ඒ සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් ආතාවුද හෙට්ටි මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද කමිටුවක් විසින් නව පනතක් සකස් කිරීම සඳහා පාදක කර ගැනීම පිණිස මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd