
(සුජිත් හේවාජුලිගේ)
ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතා එම ධූරයෙන් අද (20) ඉල්ලා අස්විය.
තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය බණ්ඩාර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (20) යවා ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළේද සුගීස්වර බණ්ඩාර මහතාය.
තමා ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ සේවය කිරීමට ප්‍රිය වුවත් නොවැළැක්විය හැකි කාරණා හේතුවෙන් සහ ඔහුට දක්වන ගෞරවයක් ලෙස පෞද්ගලික ලේ කම් තනතුරෙන් ඉල්ලා අස්වීමට මෙසේ තීරණය කළ බව බණ්ඩාර මහතා හිටපු ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
තමාගේ එකම අරමුණ මවුබිම සහ එහි වෙසෙන සහෝදර ජනතාව වෙනුවෙන් සේවය කිරීම බව පවසන හෙතෙම අපරාජිත රටක් බිහිකිරීම වෙනුවෙන් නව දේශපාලන වැඩපිළිවෙලක් සමග එක්වීමට කටයුතු කරන බවද සඳහන් කරයි.
මව්බිම යළි අපරාජිතව අභිමානයෙන් ගොඩනැගීමට හැකි කණ්ඩායමක් සමග වැඩ කිරීමට තමා නොපැකිලෙන බවද ඔහු මෙම ලිපියෙන් ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොබ්බ පැටව් ටික. බලෙන් කඩේ අරින්න හදලා ඇති... ළඟ එන මැතිවරණයට මෙයාට මොන ලේකම්ද? වත්ත වටේ ගස් කොලන් ගණන් කරන්නද? දැන්ම අයින්වුණු එක හොඳයි... තව මාස කිපයකින් සේරම ලෙකම්ලාට ඉන්න වෙන්නේ. මහත්තයාත් එක්ක හිරගෙදර ළගින්න...
හොඳ මඩු වලිගයක් ලැස්ති කරන් ඉන්නවා පිළිගන්න...
ඒ කියන්නේ එයා ගෝඨාභය මහතා ජනාධිපති පදවියෙන් නෙරපා දැමූවත් මේ වනතුරුම පෞද්ගලික ලේකම් ලෙස ඉඳලා තියනවා. පදවිය අහිමි වූ ජනාධිපති වරුන්ට පෞද්ගලික ලේකම්වරු තබාගත හැකිද? ඔවුන්ට වැටුප් සහ දීමනා ලබා දෙන්නේ කවුද? ඒකත් අපිද?