
(යොහාන් භාසුර )
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් දෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට අද (20) දැනුම් දුන්නේය.
ඒ අනුව වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් යෝජනාවලියක් සකස් කර යොමු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙි.
ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත් බව ද අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර කර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත් නැත. ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට පෙර පළමුව ශ්‍රී ලාංකික කාන්තාවන් ලංකාවේ සිට ඔවුන්ගේ ආර්ථිකය සක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම පළමුව සිදුවිය යුතුවේ. ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර කිරීමට නොහැකිය. ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත් වනබව කියා සිටින ඇමතිවරයාගේ අදහස / මතය තුලම ඔහු ලංකාවේ ආර්ථිකය දියුණු කර පුහුණු සේවකයන් ලංකාවේ රදවා ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කළයුතු බවට හෝ ඒ සදහා විසදුමක් නොමැත. ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත්ව ගොස් සිටිනා පිරිසගේන් කොපමණ පිරිසක් ජනසවිය / සමෘද්ධි අස්වැසුම් ලබාගන්නේද කියා සොයා බලන්න
හොඳයි... දරුවන් අනාථ වෙනවා අම්මලා නොයෙකුත් ප්‍රශ්න වලට යොමුවීම වැළකෙනවා.
ජාතික ජන බලවේගයට ජය වේවා
පුහුණුව නොදී කොහොමද පුහුණු සේවකයෝ වවන්නේ? කටින් බතල තමයි.
ඉන්දියාව ඔවුන්ගේ ගැහැණුන්ව වහල්කමට කවදාවත් මැදපෙරදිගට ඇරලා නැහැ.
ඒ අදහස ඉතාමත් වැදගත්. නමුත් මහත්තයෝ ඔය කාන්තාවන් ගෘහ සේවයට යන්නේ වෙනත් කිසිම විකල්පයක් නොමැති තැනයි. ඒ නිසා ඒ අයගේ ආර්ථික තත්වය නැංවිය හැකි ක්‍රමයක් පළමුව සාදන්න.
ඔව්, ඒකනම් ගොඩාක් වටින දෙයක්. අපේ රටේම මිනිස්සු මෙහෙ අරාබි ගෙවල්වලට සල්ලි අරන් අපිව දීලා යනවා.. ඊට පස්සේ කන්නවත් දෙන්නේ නැතුව බඩගින්නේ ඩිරාම් 800ක් වගේ පොඩි පඩියකට මරවනවා. කාන්තාවන් ගෙවල්වල රස්සාවට එවන එක නතර කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්...