(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් පරීක්ෂක හා කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා නිල ඇඳුම් සැපසීම සහ පොලිස් සැරයන් /පොලිස් කොස්තාපල් නිලධාරීන් සඳහා පාවහන් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් පරීක්ෂක ශ්‍රේණි වල හා කනිෂ්ඨ ශ්‍රේණිවල නිලධාරීන් වෙත නිල ඇඳුම් නිකුත් කිරීමට රෙදි මීටර් 732000ක් සහ පොලිස් සැරයන්/ පොලිස් කොස්තාපල් නිලධාරීන් වෙත ලබාදීමට හම් සපත්තු ජෝඩු 70000ක් 2024 වර්ෂය සඳහා අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇතැයි රජය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය වෙත 2024 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිත කරමින් ජාතික තරගකාරී ලාංසු කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කර එම රෙදි තොගය සහ පාවහන් තොගය ප්‍රසම්පාදනය කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd