
(යොහාන් භාසුර)
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු රැදවියාට දීමට රැගෙන ආ දන්තාලේපයක් තුළ සූක්ෂම ලෙස සඟවා හොරයින් මිලිග්‍රෑම් 3410 ප්‍රමාණයක් වෙස්ලි මුරපොල රාජකාරී නියුතු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරීන්ගේ දැඩි සෝදිසියේ ප්‍රතිඵයෙන් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
මේ අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු එම සැකකරු වෙත ලබා දීමට රැගෙන ආ දන්තාලේපයක් තුළ සූක්ෂම ලෙස සගවා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3140 ක් ද අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයන් හා අදාල මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිසිය වෙත භාරීදීමට කටයුතු කළ බවත් සිදුවීම සම්බන්ධනයෙන් මැගසින් බන්ධනාගාරය හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය විමර්ශණයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd