
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් 30,000 ක අල්ලසක් ගත් බව කියන මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ කළමනාකාරවරයෙක් සහ සහකාකර කළමනාකාරවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ලබුකැලේ ප්‍රදේශයේ බස් රථ හිමියකු මිලදී ගත් බස් රථයක මාර්ග බලපත්‍රය ඔහුගේ නමින් පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට හා එහි දැනට පවතින බස් පන්තියේ වෙනස් කර රජයේ ගාස්තු අඩු මුදලක් වන පරිදි කටයුතු කර දීමට හා අදාළ මූල්‍ය සමාගම වෙත ලිපියක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනා රුපියල් 30000/= මුදල එම කාර්යාලය තුළදී ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd