(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහ බැංකුවේ වැටුප් වැඩි වීම මුදල් අමාත්‍යංශයෙන් පාලනය කරන්න බැරි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඔවුන්ගේ ගිවිසුම අනුව වසර තුනකට වරක් වැටුප් වැඩි වීම කරන අතර එම තීරණ ගන්නේ මහ බැංකුවේ පාලක මණ්ඩලය බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මේ අවස්ථාවේ අවම වේතනයකට වැඩ කරන්න හැකි නම් හොඳ බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලොව හැම තැනකම මහා බැංකු වල පඩි වැඩි අතර ඒවායේ ඉහළම ආර්ථික විශේෂඥයින් සිටින නිසා ඒ තත්ත්වය නිර්මාණය වී තිබෙන බව සඳහන් කළේය.
ආදේශ නැති රැකියා සඳහා විශේෂත්වයක් කළ යුතු වෙන බව කී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මහ බැංකුවේ වැටුප් ගෙවන්නේ ඒකාබද්ධ අරමුදලින් නොවන බවද ඔවුන්ගේ ගිණුමෙන් බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිලා හැටියට ආර්ථියක් ගැන කිසි දෙයක් දන්නේ නැති නපුංසකයෝ ඉන්නකොට මේ වගේ වැඩ ව්නේවා .පඩි ගෙවන්නේ ඒකාබද්ධ අරමුදලෙන් නෙමෙයි ලු .ඒ කියන්නේ ඒවා කාගේ හරි ගෙදරින් ගෙනල්ලා ගෙවනවද ?නැතිනම් ජනතාවගේ බදු මුදලින් ගෙවනවද ?
ඇයි මේක ශ්‍රීලංකා මහබැංකුව නොවෙයිද ද ?ඔකේ ඉන්න පියන්ලත් ආර්ථික විශේෂඥයෝද ද ?
ඔබලාට පාලනය කරන්න පුළුවන් ,වරායේ කම්කරුවාගේ ,විදුලි බල මණ්ඩලයේ සේවකයාගේ රෝහලේ සාත්තු සේවකයන්ගේ වගේ පොඩි මිනිස්සුන්ගේ වැටුප විතරයිද ?කොන්ද පන නැති නපුංසකයෝ රැලක් පාලනය කරන්නේ
මයේ හිතේ "ශ්‍රී ලංකා මහ බැංකුව" ලියාපදිංචි කරලා තියෙන්නෙ ඇමෙරිකාවෙ හරි එංගලන්තයේ හරි වෙන්ටෑ ...