(යොහාන් භාසුර)
ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණ හොත් අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේක්ෂාව බවත් පොදු එකඟතා හරහා දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම අරමුණ බවත් ඒ මහතා කීය.
ඒ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ අපේක්ෂකයා තෝරාගැනීම සිදුවනු ඇතැයි පැවසූ රණවක මහතා රටේ අර්බුද විසඳීමට ඉදිරිපත්ව, ජනාධිපතිධුරාපේක්ෂකයා වෙන්නැයි සාමූහික නායකත්වය ඉල්ලා සිටියහොත්, අභියෝගය භාර ගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.
එහිදී ලැබෙන වගකීම කුමක්ද යන්න තමන්ට අදාල නොවු බව පැවසු රණවක මහතා මෙවර ද පොදු අරමුණක් සඳහා තමන්ගේ දායකත්වය තිබෙන බව ද කීය.
සුදුසු ඕනෑම ජනාධිපති අපේක්ෂකයකුට තමන්ගේ සහාය හිමිවන බවත් සාමුහිකය සිතන්නේ තමන් එයට සුදුසු ලෙසට නම් තමන් එම අභියෝගය භාර ගැනීමටද සුදානම් බව පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණ හොත් අභියෝගය බාරගැනීමට පෙර හදිසි අනතුර අවස්ථවේ සිදුවූ සිදුවීම පිළිබදව පොලිස් වාර්තාවක් රැගෙන එන්න
කවුරුවත් බුලත් දෙනකන් ඉන්නැතුව සන්ධානේ හදාගෙන ජනාධිපති කමට ඉල්ලන්න. මොකක්ද? අර අන්දරේ ගල අයින් කළා වගේ කට්ටිය එකතු වෙලා මෙයාගේ කරේ තියන්න ඕනේ ගල. මෙයා ජනාධිපති වුණොත් කරන්න තියෙන ඒවාටත් කියයි කට්ටිය එකතු වෙලා කරගන්න මාත් එන්නම් අත ගහන්න කියලා...
බලය අයුතු ලෙස භාවිතය, නිසි කළමනාකාරීත්වයක් නොපෙන්වීම, දාමරිකයෙකු වීම, දේශපාලන අදූරදර්ශී භාවය වැනි කරුණු රැසක් නිසා චම්පික මන්ත්‍රිවරයා ජනාධිපති ධූරය සදහා නුසුදුස්සෙකු වී ඇත.