
(යොහාන් භාසුර)
ආණ්ඩුව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට සූදානම් වන්නේ යැයි චෝදනා කරමින් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව මාලිගාවත්තේ පිහිටි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට අත්පත්‍රිකා බෙදීමේ ක්‍රියාමාර්ගයක අද (20) නිරත විය.
2016 වසරෙන් පසුව විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන්ම අහිමිකිරීමට ආණ්ඩුව මේ වන විටත් පනත් සකස් කරමින් සිටින බවත් වාහාම එම පනත් හකුලා ගන්නා ලෙස රජයට බලකරන බවත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2016 නෙවෙයි 1995 ඉඳලාම විශ්‍රාම වැටුප් ගන්න සියළු දෙනාගේ, මැති ඇමැති ජනපති, ජනපති ආර්යාවන්ගේ සියළුම දෙනාගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න ඕනේ...
රාජ්‍ය සේවයෙන් මහ ජනයාට ඇතිවන සේවයක් නොමැත. විශේෂයෙන් රාජ්‍ය සේවයට නුපුහුණු කම්කරුවන් ලෙස මන්ත්‍රි චිට්වලින් බඳවා ගැනීම සහමුලින්ම නතර කර ඒවා පෞද්ගලික කම්පැනිවලට ලබා දිය යුතුයි. රෝහල්, දුම්රිය, තැපැල්, උදාහරනයකි. එවිට වැඩවර්ජනවලින් තොරව රජයට පවත්වාගත හැකියි. රජයට වගකීමක් නොමැත...!