
(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)
චීන ජාතික කතක වීසා බලපත් නොමැතිව මෙරට රැදී සිටින බවට ලද තොරතුරක් මත එය විභාග කිරීමට ගිය පොලිස් නිළධාරීන් දෙදෙනකුට සහ කාන්තා නිළධාරීනියන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කරමින් උදැල්ලකින් පහරදී ඇතැයි බේරුවල පොලිසිය පවසයි .
මෙම චීන කත බේරුවල මංගල පාරේ නිවසක රැදී සිට ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට අදාල නිලධාරින් එහි ගොස් ඇත.
එහිදී චීන කතක එක්වරම නිවසේ තිබූ උදැල්ලක් රැගෙන කලහකාරී අන්දමින් හැසිරෙද්දී ඇය පාලනය කිරිමට යාමේදී පොලිස් නිළධාරීන් දෙදෙනා සහ කාන්තා නිළධාරීනියන් දෙදෙනාද සුළු ප්‍රහාරයක ලක්ව ඇති බවත්, ඔවුන් දැඩි පරිශ්‍රමයක් යොදා ඇය පාලනය කර අත්අඩංගුවට ගෙන ඇති බවත් උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd