අසනීප වූ සරසවි සිසුවා මියයයි කැලණිය විශ්ව විද්‍යාලයේ කන්නන්ගර සිසු නේවාසිකාගාරයේ සිටි සිසුවකුහට ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙදි මියගොස් ඇත. 25 March 2024
කුවේටයේ වීසා නැතිව ඉන්න ශ්‍රී ලාංකිකයන්ට පොදු සමා කාලයක් කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාළය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ තම සේවා ස්ථාන වලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට, දඩ ගෙවීමකින් සහ නීතිමය බාධා වලින් තොරව එරටින් පිට වී යාම සදහා පොදු සමා කාළයක් කුවේට් හි එමීර් ෂෙයික් මෙෂාල් අල් - අහමඩ් අල් - ජාබර් මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්රමනියම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය . 25 March 2024
අගමැති චීනය බලා පිටත්වෙයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පස් දින නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 25 March 2024
අදත් පළාත් කිහිපයකට වැස්ස නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 March 2024
ප්‍රාථමික පාසල් දරුවන්ට අද සිට දිවා ආහාරය දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට අද (25) සිට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 25 March 2024
සුපිරි අවන්හල් 12 ක් උසාවියෙන් වහයි ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය. 24 March 2024
කිරිපිටි මිල අඩු කරයි ආනයනික කිරිපිටි මිල අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (24) පස්වරුවේ පැවසීය. 24 March 2024
රෆා ආක්‍රමණය කරනවාමයි යුද්ධයෙන් අවතැන් වූ මිලියන 1.5 ක ජනතාවක් නවාතැන් ගෙන සිටින රෆා නගරය ඇමෙරිකාවේ සහාය නොමැතිව හෝ ආක්‍රමණය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගියදා පැවති හමුවකදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ට දැනුම් දී ඇත. 24 March 2024
වැල්ලවත්ත ගමට ගිය කලක් බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට වැල්ලවත්ත ගම්වැසියනට එදිනෙදා කටයුතු මෙන්ම බෙහෙත් ටිකක් ගැනීමට නගරයට පැමිණීම සඳහා දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව ඇතැයි ගම්වාසීහු පවසති. 24 March 2024
ජනපති ජන්ම දිනයට සෙත් පතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් කරන්දෙණිය ඇත්කඳුර සිරිනන්දාරාම පුරාණ විහාරස්ථානයේදී අද (24) පස්වරුවේ පැවැත්විණි. 24 March 2024
බංග්ලාදේශය ලකුණු 464 ක් පසු පසින් සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී පැවැත්වෙන පළමු තරගයේ තෙවැනි දිනය වූ අද (24) ක්‍රීඩාව අවසන් කරන විට බංග්ලාදේශ පිල දෙවැනි ඉනිමේදී කඩුලු පහක් දැවී ලකුණු 47 ක් පමණක් රැස්කර අමාරුවේ වැටී සිටියේය. 24 March 2024
වැල්ලවත්තේ රෙදි පිළි වෙළෙඳහලක ගින්නක් වැල්ලවත්ත සුපිරි රෙදිපිළි වෙළෙඳ හලක අද සවස ඇති වූ ගින්න මැඩ පැවැත්වීමට මේ වන විට කොළඹ ගිනි නිවන හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීහු දැඩි වෙහෙසක් දරති. 24 March 2024
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ රැස්වීමකට ජනපති හදිසියේ යයි නවීන වෛද්‍ය සේවාවන්ට ගැලපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදු කළ යුතු නව පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 March 2024
මැණික් පොකුරේ කෝටි හතරක් වතුරේ විශේෂ සහතික පත්‍රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ රසායනාගාරයකට යැවූ කිලෝ ග්‍රෑම් පන්සිය දහයක් බරැති මැණික් පාෂාණය( Rough Sapphire Cluster) නැවත මෙරටට ගෙන ඒමේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අදාල බලපත්‍රලාභියාගෙන් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 24 March 2024
යතුරුපැදි සොරාගෙන මස් කළ හතරක් දැලේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල යතුරු පැදි සොරකම් කර, කෑලි වලට ගලවා එම යතුරු පැදි අමතර කොටස් විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් හතර දෙනකු, යතුරු පැදි අංක තහඩු 116ක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ විමර්ශන පවසයි. 24 March 2024
රක්ෂිතයේ දැව කපා පැටවු හතරක් මාට්ටු රක්ෂිත ප්‍රදේශයන්හි නීති විරෝධීව තේක්ක දැව කඳන් කපා ටිපර් රථවලින් ප්‍රවාහනය කළ පුද්ගලයින් සිව්දෙනකු වවුනියාව නගරය ආසන්නයේදී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 24 March 2024
ජනපතිගෙන් කෘෂිකර්මට අමතර මිලියන 2500ක් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයෙන් වෙන් කල මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබේ. 24 March 2024
මිරිස් වේලන්න මිලියන 356ක යන්ත්රාගාරයක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 356ක වියදමින් වව්නියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදි කළ වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්‍යස්ථානය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි. 24 March 2024
කප්පම් ගන්න පැහැරගත් පාසල් ළමුන් 287 කට නිදහස මීට සති දෙකකට පමණ පෙර නයිජීරියාවේ කඩූනා පළාතෙන් කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගත් පාසල් ළමුන් 287 දෙනකු කප්පම්කරුවන් විසින් නිදහස් කරනු ලැබ තිබේ. 24 March 2024
මෝදි භූතානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයේ නිල සංචාරයකට පැමිණියේය. භූතානයේ රජු වෙනුවෙන්, එරට අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ කළ ඇරැයුමක් පිළිගනිමිනි. 24 March 2024
රට ගොඩ යන මග තීරණය කළ යුත්තේ තරුණයන් පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අත්විඳි පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 March 2024
රියදුරන්ගේ වැරදි 10 දා සිට දත්ත පද්ධතියට එකතු වෙයි මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්ගේ තොරතුරු ලබන අප්‍රේල් මස 10 වැනිදා සිට දත්ත පද්ධතියට ඇතුළත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 24 March 2024
අලුත් සහල් මංගල්‍යය පවත්වන දිනය තීරණය කරයි 57 වන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 6 වැනිදා පැවැත්වීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 24 March 2024
රටේ දහයකගෙන් හයක් අවදානම් කලාපයට දැඩි ආර්ථික පීඩනය මත ආතතිය ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක සඳහන් වේ. 24 March 2024
සී අයි ඩී ය හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (25) පෙරවරු 10.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත. 24 March 2024
අනුරගේ ටොරොන්ටෝ රැස්වීමට විශාල පිරිසක් කැනඩාවේ ප්රචාරක සංචාරයකට සහභාගි වී සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ටොරොන්ටෝහිදී පළමු රැස්වීමට සහභාගි විය. 24 March 2024
ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය අරඹයි බදුල්ලේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කළේය. 24 March 2024
රට තවමත් අවදානමේ රට ආර්ථිකමය වශයෙන් අවදානම් තත්වයෙන් තවමත් මිදී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 24 March 2024
ලිංගික සේවන පනත ඉවත් කර ගනී බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස 16 සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇත. 24 March 2024
විනාශය දැන දැනම පර්ල් නැවේ කපිතාන් නැව ලංකාවට ඇතුළු කරලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ප්‍රවේශ කරන අවස්ථාවේදීම එහි අනතුරක් ඇති බව නෞකාවේ කපිතාන්වරයා දැන දැනම ඒ බව වසන් කරමින් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ප්‍රවේශ කර ඇති බවත් ලෝකයේ සිදුවු බිහිසුණුම මෙම නාවික අනතුරෙන් නෞකාවේ පටවා තිබූ මෙට්‍රික් ටොන් 28.7 ක නයිටි්රක් අම්ල ගිනිගෙන සාගර කලාපයට එකතු වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට පෙන්වා දුන්නේය. 24 March 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026