(විමුක්ති එස් රුද්‍රිගු)
මීට සති දෙකකට පමණ පෙර නයිජීරියාවේ කඩූනා පළාතෙන් කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගත් පාසල් ළමුන් 287 දෙනකු කප්පම්කරුවන් විසින් නිදහස් කරනු ලැබ තිබේ.
කඩූනා පළාතේ ආණ්ඩුකාර උබා සානි ප්‍රකාශයක් නිකුත් කරමින් එම ළමුන් 287 දෙනා නිරුපද්‍රිතව මුදා ගැනීම සම්බන්ධයෙන් නයිජීරියා ජනාධිපති බෝලා ටිනිබුට ස්තුති කර ඇත.නමුත් නිදහස් කරනු ලැබූ ළමුන් 287 දෙනාගේ අනන්‍යතාවයන් ආණ්ඩුකාරවරයා මාධ්‍ය වෙත හෙළි කර නොමැත.
එම ළමුන් 287 දෙනා කඩූනා පළාතේ දුෂ්කර නගරයක් වූ කුරීගාහි පාසලක අධ්‍යාපනය ලබමින් සිටියදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පසුගිය 7 වැනිදා පැහැර ගනු ලැබුවේය.එම අවස්ථාවේදී කිසිඳු කප්පම් මුදලක් නොගෙවා පැහැරගත් ළමුන් 287 දෙනා මුදා ගන්නා බවට නයිජීරියානු ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න බන්ගලියන්ට අපේ කොල්ලෝ හිටු ගහලා ගහනවා .මේ බහුභූත වෙනුවට ඒවගේ දෙයක් පල කරන්න බැරිද ?ජනාධිපතිතුමාගේ උපන්දින තෑග්ගට