
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ පුත්‍රයකු කොල්ලුපිටිය 6 වන පටු මඟ පාම් කෝට් මහල් නිවාස සංකීර්ණයේ සිට අද අලුයම සිදු කළ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
වෙඩි වැදීමෙන් තුවාල ලද යුවළ කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.
වෙඩි තැබූ බව කියන 51 හැවිරිදි අවිවාහක පුද්ගලයා වෙඩි තැබීමට යොදාගත් බෝර 12 වර්ගයේ ගිනි අවිය , එයට යොද ජීව උණ්ඩ දෙකක් සහ වායු රයිෆල් දෙකක් සමග පොලිස් බාරයට ගෙන තිබේ.
තුවාල ලද කාන්තාව සැකකරු සමග කාලයක සිට සමීප සබඳතාවයක් පවත්වා ඇති අතර පෙරේදා (03) රාත්‍රී වෙනත් තරුණියක්ද සැකකරුගේ නිවස වෙත රැගෙන විත් ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.
තුවාල ලද එම යුවල කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත. ඔවුන් කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd