IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


රට ගොඩ යන මග තීරණය කළ යුත්තේ තරුණයන්

(අංජුල මහික වීරරත්න)

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ  අත්විඳි පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙලකින් පමණක් බවද ජනාධිපතිවරයා කීය.

 තමා බාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් බාර ගැනීමට අකමැති වු රටක් බව කී ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දී තමා සිතුවේ රටේ අනාගතය පිළිබඳව බවද කියා සිටියේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන්  පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහඳ  කථා බහට එක් වෙමිනි.

 “ජනපති සමඟ කථාබහක්” නමින් පැවැත්වුණු මෙම හමුවේදී රටේ ඉදිරි අනාගතය හා දැක්ම පිළිබඳ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් මතුකළ ගැටළු රැසකට ද  පිළිතුරු ලබා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි රජය සිදුකරමින් සිටින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රතිලාභ තවත් වසර කිහිපයකින් ජනතාවට ලැබෙනු ඇති බවයි. එබැවින් තමන්ටත් රටටත් යහපත් අනාගතයක් උදාකර ගැනීම වෙනුවෙන් තමන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේ ද කියා රටේ තරුණ පරපුර තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 



අදහස් (6)

රට ගොඩ යන මග තීරණය කළ යුත්තේ තරුණයන්

duminda Sunday, 24 March 2024 02:52 PM

හරියටම කියලා තියනවා .ආයිත් අර්බුධයක් නොවෙන්න හරි තීරණයක් ගන්න ඕනි .මොකද මේ කතා කරන්නේ අවුරුදු 40 ක් විතර දේශපාලනය කරපු කෙනෙක් ඒ අයගේ කට්ටිය තමා මෙච්චර ප්‍රපාටහ්යකට රට ඇදලා දැම්මේ

:       2       6

Bamunuarachchi Sunday, 24 March 2024 05:52 PM

මේකත් රනිල්ගේ බ්‍රේස්ලට් රත්තරන් කතාවට දෙවෙනි නැහැ තරුණය කියන්නේ අව්රුදු 15-24 වයසේ පුද්ගලයෝ. ඔවුනට රට ගොඩ ගන්න දුන්නොත් වඳුරන්ට දැලිපිහිය දුන්නා වගේ හිටී. ඔවුන් කියනදේ කරන්න හොඳ බව ජෙප්පෝ සහ ප්‍රභාකරන් ඔප්පු කර තිබෙනවා.

:       6       1

Sharm Sunday, 24 March 2024 05:59 PM

ආ ඇත්තද?? එතකොට 2048 වෙද්දි තමනුත් තරුණ වෙනවා කියලද හිතං ඉන්නෙ?? නාකි ලොන්තයෝ බදාගෙන රට කෑවා කියලා අපි කියන්නෙ අහවල් අමාරුවට නෙමේ.. දැන්වත් ගෙවලයෙක් වගේ බදාගෙන ඉන්න එක අත ආරියවංශ හොඳයි.. කොහොමත් තරුණ පරපුර නාකි මල ඉලව් ටිකට පාඩමක් කියලා දෙයි..

:       4       4

ලක්සිරි පැරිසියේ Sunday, 24 March 2024 08:12 PM

මට හිතෙන්නෙ දැන් පරක්කු වැඩියි ලොක්කා. පෙරහැර ගිහිල්ලා ඉවරයි .. දැන් ගිහින් විවෙකයෙන් ඉන්න. වයස ගැන හිතලා,.

:       4       6

Nimal Sunday, 24 March 2024 08:28 PM

ඔබ සහ ප්‍රේමදාස ප්‍රමුඛ එජාප පාලනය විසින් තරුණයින් 60000ක් අමානුෂික ලෙස ඝාතනය කරනු ඇත.

:       5       5

Chathuri Monday, 25 March 2024 02:56 AM

පුදුම සෙනග ගොඩක් නෙ ඉන්නෙ

:       2       6

ඔබේ අදහස් එවන්න

දියත

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන්තොටුපලේදී අල්ලයි
2024 අප්‍රේල් මස 29 164 0

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙක් යැයි කියන මුල්ලේරියාවේ පදිංචිකරුවෙක් වන එල්ලාවලගේ


ශ්‍රම බලකායත් අඩුවෙයි
2024 අප්‍රේල් මස 29 520 0

මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ලක් ගොවිතැනට චීන මුදලාලිලාගේ උදව්
2024 අප්‍රේල් මස 29 343 0

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාලම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළ කර තිබේ.


මල්ලිගේ කතුරු පහරින් අයියා මරුට
2024 අප්‍රේල් මස 29 766 1

සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මල්ලි විසින් අයියාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කිරීමෙන් අනතුරුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් ප


බොහෝ පළාත්වලට තද වැසි
2024 අප්‍රේල් මස 29 343 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවි


මාස නවයේ බිළිඳිය ළිඳට විසි කරලා
2024 අප්‍රේල් මස 29 590 0

සිය මාස නවයක බිළිඳිය ළිඳට විසිකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව මහමහබාගේ පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 380 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1773 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1606 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site